පානදුර උතුර පොලීසිය ඉදිරිපිට උණුසුම

Police
By Thaya Mar 25, 2021 07:33 PM GMT
Report

පොලිසියට කළ පැමිණිල්ලක් පක්ෂග්‍රාහී ලෙස විභාග කිරීම සම්බන්ධයෙන් උරණ වූ පිරිසක් ඊයේ පානදුර උතුර පොලිස් ස්ථානය ඉදිරිපිට දී එහි වැඩ බලන පොලිස් ස්ථානාධිපතිවරයාට සිය විරෝධය පළකලා. එහිදී ඔවුන් චෝදනා කළේ නිසි පැමිණිලි විභාගයකින් තොරව පොලිසිය විසින් පහරදීමේ සිද්ධියට සැකකරුවන් නිදහස් කිරීමට පියවර ගෙන ඇති බවටයි. මෙම පහරදීමේ සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු කළුබෝවිල රෝහලේ වාට්ටු අංක 25 ප්‍රතිකාර ලබන අතර ඔහුගේ හිසට මැහුම් 15ක් ද දමා ඇති බවටයි විරෝධතාකරුවන් කියා සිටියේ. එම අවස්ථාවේ ඇතිවූ උණුසුම් තත්වය පහතින්.