සියළු සෞඛ්‍ය සේවකයන්ට මාධ්‍ය වෙත ප‍්‍රකාශ දීම අත්හිටුවයි..

Covid Healthy ministry All hospital All medias
By Aruna May 20, 2021 07:55 AM GMT
Report

රජයේ සෞඛ්‍ය සේවාව නියෝජනය කරන සියලුම සෞඛ්‍ය සේවකයන්ට ජනමාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් කිරීම සීමා කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් සියලුම පළාත් සෞඛ්‍ය ලේකම්වරුන් ඇතුළු සෞඛ්‍ය සේවාවේ සිය සුව සියලු නිලධාරීන් වෙත මේ බව චක්‍රලේඛයක් මගින් දැනුම් දී ඇත්තේ ආයතන සංග‍්‍රහයේ පවතින විධා විධාන අනුව කටයුතු කරන ලෙසයි.

එය නොසලකා කටයුතු කරන සියලු පුද්ගලයන්ට එරෙහිව විනයානුකූල ක්‍රියාමාර්ග ගන්නා බවද සෞඛ්‍ය ලේකම්වරයා විසින් දන්වා ඇත.

ඒ බව සඳහන් කරමින් ඔහු විසින් යොමු කර ඇති ලිපිය මෙසේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now   


Gallery