උදෑසන අවදි වෙලා සිදු නොකළ යුතු දේවල්

social media morning wake up protein food healthy food watching televition
By Sewvandhi Apr 27, 2021 05:52 PM GMT
Sewvandhi

Sewvandhi

Report

වර්තමානය වෙද්දී මිනිස්සුන්ගේ ජිවිත ඉතාමත් කාර්යබහුල තත්වයකට පත් වෙලා තියෙනවා. ඒ වගේම අද වෙද්දී අපි හැමෝගෙම වගේ ජිවිත ඒකාකාරී බවට පත් වෙලා කිව්වොත් නිවැරදියි. මොකද අපි ගොඩ දෙනෙක්ගේ දවස උදේ නැගිටපු වෙලේ ඉදන් රාත්‍රියේ නින්දට යනකල් හැමදාම ගෙවෙන්නේ එකම විදිහට. නැගිටිනවා වැඩට යනවා ගෙදර එනවා නිදාගන්නවා. ඉතින් මේ නිසාම අද වෙද්දී බොහෝ දෙනෙක්ගේ ජිවිත ඉතාම නීරස අසතුටුදායක බවට පත් වෙලා තියෙනවා.

මේ නිසාම අපිට උදේට අවදි වෙනවා කියන එක මතක් වෙද්දීත් එපා වෙනවා. හැමදාම අපි අලුත් දවස ගැන ධනාත්මකව හිතන්නේ නැතිව මහා කම්මැලිකමකින් තමයි දවස පටන් ගන්නේ. ඒත් උදෑසන කාලය කියන්නේ අපේ ජිවිත විශාල වශයෙන් වෙනස් කරගන්න පුළුවන් වෙලාවක්. ඔබේ උදෑසන දින චර්යාවට ඔබේ ජිවිතයේ දියුණුවට විශාල බලපෑමක් ඇති කරන්න හැකියාව තියෙනවා. ඒ නිසාම අපි අද හිතුව ඔබ විසින් උදෑසන අවදි වෙලා සිදු නොකළ යුතු දේවල් 7ක් ගැන කියන්න.   

1.එලාම් එක snooze කිරීම

අපි බොහෝ දෙනෙක් පුරුදු වෙලා තියෙන දෙයක් තමයි අපි යන වෙලාවක ඇහැරෙන්න එලාම් එක තියාගතත් එලාම් එක වදිනකොට ඒක ගණන් නොගෙන තව ටිකක් නිදාගන්න එක. ඇත්තම මේ නිසාම තමයි අපේ ජංගම දුරකථන වල එලාම් වල වගේම නවීන ඩිජිටල් ඔරලෝසු වලත් snooze option එක අපිට දීලා තියෙන්නේ. මේක එබුවම අපිට ආයිත් එලාම් එක වදිනකල් තව වැඩිපුර විනාඩි 10ක් විතර නිදාගන්න පුළුවන්.

මේ විදිහට දෙතුන් පාරක් snooze කරොත් ඔයාට උදෑසන වැඩකටයුතු වලට තියෙන සීමිත කාලයෙන් බොහෝ ප්‍රමාණයක් නිකන්ම අපතේ ගිහින්. මේ නිසා ඔයාට වැඩට යන්න, පාසල් යන්න. නැත්නම් වෙනත් අධ්‍යාපන වැඩ වලට යන්න, ව්‍යාපාරික වැඩ වලට යන්න දන්නෙම නැතුව ප්‍රමාද වෙන්න සිදු වෙන්න පුළුවන්. ඉතින් මේ ප්‍රමාදයන් නිසා නැති වෙන්නේ ඔයාගේ වටිනා කාලය වගේම ඔයාගේ දියුණුව කියලා හොඳින් මතක තියාගන්න. ඒ වගේම අපි අපේ යම් වැඩකට ප්‍රමාද උනොත් අපිට ලොකු පිඩනයකින් තමයි දවසම ඉන්න වෙන්නේ. ඒ නිසා මින් පස්සේ එලාම් එක snooze නොකර එක පාරින්ම අවදි වෙන්න පුරුදු වෙන්න.  

2. උදෑසනම සමාජ මාධ්‍ය වල සැරිසැරීම

අපි ගොඩක් දෙනෙක් අද වෙද්දී ෆෝන් එක ළඟ තබාගෙන නිදාගන්න පුරුදු වෙලා තියෙනවා. ඉතින් අපි වැඩිහරියක්ම මේ ෆෝන් එකෙන් කරන්නේ ෆේස්බුක් යුටියුබ් ට්ව්ටර් වගේ සමාජ මාධ්‍ය වල සැරිසරන එක තමයි. ඉතින බොහෝ දෙනෙක් මේ නිසාම උදේ නැගිටපු ගමන්ම තමන් ලඟ තියෙන ෆෝන් එක අතට අරන් සමාජ මාධ්‍ය වල සැරිසරන්න පුරුදු වෙලා තියෙනවා. මේ වදෙන් වෙන්නෙත් ඔයාගේ උදෑසන කාලය දන්නෙම නැතිව අපතේ යන එක. ඒ විතරක් නෙවෙයි උදේ නැගිටපු ගමන් සමාජ මාධ්‍ය වල වල පල වෙලා තියෙන සමහර දේවල් නිසා ඔයාගේ මනස අවුල් වෙන්න පුළුවන්. එහෙම උනොත් ඔය දවස පටන් ගද්දිම ඔයා අවුල් උන මනසකින් තමයි දවස පටන් ගන්නේ. මේ නිසා කවදාවත් උදේ අවදි උන ගමන්ම සමාජ මාධ්‍ය වල කාලය ගත කරන්න එපා.

3.හිස් බඩ කිරි හෝ කොපි පානය කිරීම

උදැසන අවදි වෙලා දවස පටන් ගන්න නම් කිරි එකක් හෝ කොපි එකක් බොන්න අපි ගොඩ දෙනෙක් පුරුදු වෙලා ඉන්නවා. හැබැයි මේ කරන වැඩේ ඔයාට ලොකු අවාසියක් වෙනවා කියලා දැනගෙන හිටියද. ඒ තමයි අපි පැය 7ක් විතර එක දිගට නිදාගත්තම උදේ වෙද්දී අපේ ශරීරයේ ජලය අඩු වෙලා හුඟක් වියලි බවට පත් වෙලා තියෙන්නේ. ගොඩක් වෙලාවට ෆෑන් දාගෙන නිදාගන්න අයට මේ විජලන තත්වය බොහොම දරුණුවට බලපාන්න පුළුවන්. ඉතින් මේ නිසා ඔබ උදෑසන දවස පටන් ගන්න බොන්න ඕන කිරි හෝ කොපි එකක් නෙවෙයි පිරිසිදු වතුර වීදුරුවක්. එහෙම වතුර එකක් බිව්වම ඔයාගේ ඇඟේ විජලනය නිසා අඩපන වෙලා තියෙන ඉන්ද්‍රියන් වලට හොඳින් ක්‍රියාකාරී වෙන්න හැකියාව ලැබෙනවා. ඉතින් හැමදාම ප්‍රබෝධමත්ව දවස ආරම්භ කරන්න ඕනේ නම් උදේට කිරි කොපි බොන්නේ නැතුව හැමදාම වතුර බොන්න පුරුදු වෙන්න.   

4.ප්‍රෝටීන් සහිත ආහාර වේලක් ගැනීම

උදෑසන වැඩකටයුතු වල අපිට තියෙන සීමිත කාලය නිසාම අපි බොහෝ දෙනෙක් උදෑසන ආහාරය පිලිබඳ එතරම් තැකීමක් කරන්නේ නැහැ. මේ නිසාම අපේ උදෑසන ආහාරය සඳහා ක්ෂණික හා කෙටි කෑම ගන්න අපි ගොඩ දෙනෙක් පුරුදු වෙලා ඉන්නවා. මේ කෙටි හා ක්ෂණික කෑම බහුතරයක් හදන්නේ පිටි වලින් නිසා ඒවායේ අඩංගු පිෂ්ඨයෙන් අපිට ටික වෙලාවකට ශක්තියක් ලැබුනත් දවස පුරාම කාර්යක්ෂමව ඉන්න මේ ශක්තිය ප්‍රමාණවත් වෙන්නේ නෑ. ඉතින් විද්‍යාත්මකව ඔප්පු වෙලා තියෙන විදහට අපි අපේ උදෑසන කෑම වේලෙන් පුළුවන් තරම් කාබෝහයිඩ්‍රේට අඩංගු කෑම අඩු කරල ඒ වෙනුවට ගුණදායක ප්‍රෝටීන් සහ මේදය අඩංගු ආහාර එකතු කරගන්න ඕනේ. බිත්තර, ඕට්ස් වගේ දේවල් සහ ඇට වර්ග මේ සඳහා ඉතාමත් සුදුසයි.   

5.ඇඳ පිළිවෙලට සැකසීම

මෙච්චර කාලයක් අපි අහල තිබුනේ උදෑසනම අවදි වෙලා පළමු රාජකාරිය විදිහට අපේ ඇඳ සකසන්න කියලා. නමුත් අපි මේ කියන්න යන දෙයින් ඔබට මෙතෙක් කල් තිබුණු ඒ අදහස වෙනස් වෙයි කියලා අපි හිතනවා. ඇත්තටම තමන් නිදාගත්තු ඇඳ හදන්නේ නැතුව එහෙම්මම තියෙන හොඳයි කියලා කියන්නේ බ්‍රිතාන්‍යයේ විද්‍යාඥයින් කණ්ඩායමක්. ඔවුන් කියන විදිහට අපේ ගෙවල් වල දුවිලිත් එක්ක ඉන්නවා අපේ පියවි ඇසට පෙනෙන්නේ නැති මයිටාවෝ කියලා පුංචි සත්තු ජාතියක්.

මොවුන් වර්ධනය වෙන්නේ තෙතමනය සහිත තරමක් සිතල පරිසරයක කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ උණුසු,ම් පරිසරයක මේ මයිටාවුන්ට ඉන්න බැහැ. අපි නිදාගෙන ඇහැරෙනකොට අපේ ඇඳේ හොඳ උණුසුමක් තියෙනවා. හැබැයි අපි නැගිටපු ගමන් ඇඳ නැවත පිළිවෙල හැදුවොත් ඒ උණුසුම ගිහිල්ල මයිටාවුන්ට වර්ධනය වෙන්න සුදුසු වටපිටාවක් අපේ ඇඳේ නිර්මාණය වෙනවා. විද්‍යාඥයෝ කියන විදිහට එක ඇඳක මයිටාවුන් මිලියන එක හමාරක් විතර ඉන්න පුළුවන්. ඉතින් ඔයත් මෙච්චර කල් උදේ නැගිටපු ගමන් ඇඳ හදන කෙනෙක් නම් අදින් පස්සේ ඒ දේ කරන්න එපා.  

6.අනවශ්‍ය තරම් තීරණ ගැනීම

උදෑසනම අවදි වෙද්දී අපිට තියෙන්නේ ඉතාම සැහැල්ලු මනසක්. හැබැයි අපි අනවශ්‍ය විදිහට දවස සැලසුම් කරන්න හෝ වෙනත් වැඩක් ගැන සැලැස්ම කරන්න ගියොත් අපිට වෙන්නේ මේ සැහැල්ලුව නැති කරගන්න. උදේම දවසේ කරන්න තියෙන එක වැඩක් ගැන හිතන ගැන හෝ මොකක් හරි එක දෙයක් ගැන හිතන එක හොඳ දෙයක් උනත් අපි ඕනවට වැඩ උදෙන්ම අපේ මොලය වෙහෙසන්න ගියොත් වෙන්නේ දවසම ඔලුව බර කරගෙන ආතතියෙන් ඉන්න. ඒ විතරක් නෙවෙයි කරන්න වැඩ ගොඩක් ඉතුරු වෙලා තියෙනවා නම් ඒ ගැන වැඩිය කල්පනා නොකර එකින් එක ඉවර කරන්න බලන්න. මොකද උදෑසනම ඕනවට වඩා දවසේ කරන්න තියෙන වැඩ ගැන කල්පනා කරොත් ඔබට කිසිම වැඩක් නිවැරදිව හරියට කරගන්න බැරි වෙයි. දවසම නිරවුල් සැහැල්ලු මනසකින් වැඩ කරන්න ඕනේ නම් උදැසනට ඔබ ගන්න තීරණ ප්‍රමාණය පුළුවන් තරම් අඩු කරන්න.   

7.අවදි උන ගමන් රුපවාහිනිය නැරඹීම

අපි ඉස්සරලා කිව්වා අවදි උන් ගමන් දුරකථනයේ එල්ලිලා සමාජ මාධ්‍ය වල සැරිසරන්න එපා කියලා. මේකත් ඒ වගේ තමයි. මොකද සමාජ මාධ්‍ය වල වගේම සමහර රුපවාහිනී නාලිකා වල විකාශ වෙන්නේ මනසට සැහැල්ලුවක් එකතු කරන වැඩසටහන් නෙවෙයි. උදාහරණයකට ඔබ උදේම අවදි වෙලා රුපවාහිනිය දානකොට ඔබේ ලග්නයට අපලයි කියලා රුපවාහිනියේ කිව්වොත් මුළු දවසම ඒ ගැන හිතමින් තමයි ඔබට කාලය ගත කරන්න වෙන්නේ.

ඒ වගේම පත්තර හෝ ප්‍රවෘත්ති කියවන වැඩසටහන් නරඹන්නම එපා මොකද. ඔවුන් එහිදී වාර්තා කරන ප්‍රවෘත්ති නිසා අපේ මනසේ දුක, කෝපය වගේ හැඟීම් වලට බලපෑම් ඇති වෙන්න පුළුවන්. මේවා නිසා දවස පටන් ගන්නකොටම අපේ සිත අනවශ්‍ය විදිහට ආතතියට ලක් වෙන්න පුළුවන්. ඉතින් ඔබත් මේ විදිහට උදේ නැගිටපු ගමන් රුපවාහිනී නරඹන්න පුරුදු වෙලා ඉන්නවා නම් ඒ වෙනුවට ව්‍යායාම කරන්න, දුවන්න, බයිසිකල් පැදීම වගේ ශරීරයට හිතකර වෙන කාර්යයක් කරන්න ඒ කාලය යොදාගන්න. 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

https://chat.whatsapp.com/JFXD76SMqFe7cEJznwtMAi


ReeCha