අගමැති ලේකම් යැයි පවසා ලක්ෂ 10ට අධික මුදල් වංචාවක් කරලා

Police
By Thaya Mar 20, 2021 07:28 PM GMT
Report

අග්‍රාමාත්‍ය කාර්යාල ලේකම්වරයෙකු ලෙස රිදිගම ප්‍රදේශයේ ව්‍යාජ ලෙස පෙනී සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට රිදීගම පොලීසිය සමත් වී තිබෙනවා. ඉංගිරිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනුණු මෙම පුද්ගලයා එම ප්‍රදේශයේ පුද්ගලයින්ගෙන් ඔස්ට්‍රේලියාවට යවන බව පවසා රුපියල් එකොළොස් ලක්ෂ පනස් දහසකට අධික මුදලක් වංචා කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළා. අත්අඩංගුවට ගත් සැකකරු අද දින රම්බඩගල්ල අධිකරනය වෙත ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියමිතයි.