මෙදා පාර බාර් ඇරල තබන වෙලාව මෙන්න.

Hatton Bar
By Aruna Jun 23, 2021 02:06 AM GMT
Aruna

Aruna

Report

පනවා තිබු සංචරණ සිමා නිතිය (21) දින ඉවත් කිරිමේ පසු සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයාගේ උපදෙස් මත (21) දින සිට විවෘත කල රටබිම මැත්පැන්සැල් දිනපතා රාත්‍රි 9 දක්වා විවෘත කර තැබිමට අවසර ලබා දි ඇති බව හැටන් සුරාබදු කාර්යාලයේ ස්ථානාධිපති ජානක පෙරේරා මහතා පැවසිය.

අවසන් වරට සංචරණ සිමා පැනවිමට ප්‍රථම රටබිම මත්පැන්සැල් විවෘත කිරිම සම්බන්ධයෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් නිකුත් කරන ලද චක්‍රලේකණය අවලංගු කර (21) දින සිට විවෘත කිරිමට අවසර ලබාදුන් රටබිම මත්පැන්සැල් වලට පෙර පරිදි ව්‍යාපාර කටයුතු සිදු කරගෙන යා හැකි බව නිකුත් කර ඇති උපදෙස් මලාවට අනුකුලව සලකා බැලිමේදි රටබිම මැත්පැන්සැල් විවෘත කිරිමට සුරාබදු දෙපාර්තුමේන්තුවෙන් අවසර ලබා දි ඇති පරිදි උදැසන 9 සිට රාත්‍රි 9 දක්වා රටබිම මත්පන්සැල් විවෘත කර තැබිය හැකි බවයි හැටන් සුරාබදු කාර්යාලයේ ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

තමන්ට සුරාබදු කාර්යාලයේ උසස් නිලධාරිගෙන් ලද උපදෙස් මත තම බල ප්‍රදේශයේ සියළුම මත්පැන්සැල් වලට නිරෝධායන උපදෙස් වලට අනුකුලව මත්පැන්සැල් උදැසන 9 සිට රාත්‍රි 9 දක්වා විවෘත කර තැබිමට උපදෙස් ලබාදුන් බවත්,එම උපදෙස්වලට පටහැනිව කටයුතු කරන රටබිම මත්පැන්සැල් අලෙවිකරුවන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද හැටන් සුරාබදු කාර්යාලයේ ස්ථානාධිපතිවරයා වැඩි දුරටත් පැවසිය.

රාත්‍රි 9 දක්වා රටබිම මත්පැන් අලෙවිසැල් විවෘත කර තැබිම හේතුවෙන් එම මත්පැන් අලෙවිසැල් වලින් රාත්‍රි කාලයේදිද මත්පැන් මිල දි ගැනිමට විශාල පිරිසක් පැමිණ මත්පැන් අලෙවිසැල් ශාලා අසල බිමත්ව සැරිසරමින් සිටින බවයි හැටන් ප්‍රදේශයේ ජනතාව කියා සිටින්නේ.

රටබිම මත්පැන් අලෙවිසැල් විවෘත කර තිබුණද එය විවෘත කර තබන වේලාව දිනපතා පස්වරු 6 දක්වා සිමා කරන ලෙස හැටන් ප්‍රදේශයේ ජනතාව සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයාගෙන් සහ සුරාබදු දෙපාර්තුමේන්තුවෙන් ඉල්ලා සිටියි.

– හැටන් රංජිත් රාජපක්ෂ


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha