චීනය හැමෝගෙන්ම මේ රහස හංගලා ද?

China
By Thaya Mar 20, 2021 07:29 PM GMT
Thaya

Thaya

Report

2019 වසරේ දෙසැම්බරය අග භාගයේ චීනයේ – වූහාන් නගරයෙන් කොරෝනා වෛරසය මතුවීමට පෙර මාස දෙකක පමණ කාලයක් එහි වෛරසය පැතිරෙමින් පැවති බව අනාවරණ වී තිබෙනවා. ජර්නල් සයන්ස් වෛද්‍ය විද්‍යා සඟරාවේ ප්‍රකාශයට පත් කර ඇති මෙම අධ්‍යයනය සිදුකර ඇත්තේ ඇමෙරිකානු කැලිෆෝනියා, සැන් – ඩියේගෝ විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක්.

අධ්‍යයනයේ අරමුණ වී ඇත්තේ ද කොරෝනා වෛරසය මුල්වරට හඳුනා ගැනීමට පෙර කොතෙක් කලක් එහි සැරිසරා ඇත් ද යන්න නිර්ණය කිරීමයි. වූහාන්හි මුලින් හඳුනා ගැණුනු කොරෝනා වෛරසයේ ජාන විවිධත්වය ඔස්සේ පරීක්ෂණ පැවැත්වීමෙන් ඔවුන්ගේ නිගමනය වී ඇත්තේ කොවිඩ් 19 වෛරසය 2019 වසරේ ඔක්තෝම්බර් මස මැදභාගයේ සිට එහි පවතින්නට ඇති බවයි.