මරදානේ අමානුශික ලෙස පහරදීමක් - CCTV දර්ශන
මරදාන පොලිස් වසමේ දී කිසියම් පුද්ගලයෙකුට, පුද්ගලයින් 8 දෙනෙකු විසින් පහරදීමක් සිදුකර තිබේ. පසුගිය 10 වනදා එම පහරදීම සිදුකර ඇති අතර එය CCTV කැමරාවකද සටහන්ව තිබුණි. අදාළ පහරදීමට සම්බන්ධ පුද්ගලයින් 8 දෙනාගෙන් 5 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, ඔවුන් හෙට (16) අධිකරණය වෙත ඉදිරිපත් කර හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියමිත බවය. මේ අතර එම පහරදීමට සම්බන්ධ අනෙක් තිදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් ද යොදවා ඇති බව වාර්තා වේ. එමෙන්ම එම පුද්ගලයින් 8 දෙනාගෙන් යුත් පිරිස යම් ආකාරයේ සංවිධානාත්ම අපරාධ කණ්ඩායමකට සම්බන්ධ අයද, නැතහොත් යම් අයෙකුගේ මෙහෙයවීම මත එම පහරදීම සිදු කළාදැයි විමර්ශනය කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවසීය.