තරුණයෙකුගේ ආශාව සංසිදුවන්න 13 හැවිරිදි පාසල් සිසුවියක් තෑගි දීලා

police negombo face book haresment innocent girl
By Sewvandhi Apr 22, 2021 05:43 PM GMT
Sewvandhi

Sewvandhi

Report

මුහුණු පොත හරහා හඳුනාගත් 13 හැවිරිදි බාල වයස්කාර දැරියක් ගාල්ලේ සිට මීගමුව ප්‍රදේශයේ ලැගුම්හලකට ගෙන ගොස් දූ..ණය කිරීමට ආධාර අනුබල දුන් හෝටල් කළමණාකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දැරිය විසින් සිදු කරන ලද ප්‍රකාශ අනුවයි 35 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙම දැරිය මුහුණු පොත හරහා තරුණයෙකු හඳුනාගෙන ඇති අතර ඇය නිතරම ජංගම දුරකතනයේ රැදි සිටිම නිසා පසුගිය 9 වනදින රාත්‍රි ඇයගේ පියා විසින් තරවටු කර පහරදී තිබෙනවා. පසුව මේ බව ඇය තරුණයාට දන්වා ඇති අතර තරුණයා පවසා ඇත්තේ නිවසින් පිටව එන ලෙසටයි. ඒ අනුව දැරිය පසුදින අලුයම නිවසින් පිටව ගාල්ල බස් නැවතුම් පොලට පැමිණ බස් රථයක නැගි කොළඹට ගොස් ඇති අතර එහිදි සැකකාර තරුණයා හමුවි ඇතැයි සඳහන්.

පසුව ඔවුන් දෙදෙනා බස් රථයක නැගි මිගමුව ලැගුම් හලකට ගොස් ඇති අතර එහිදී සැකකරු විසින් ඇය දූෂණය කර තිබෙනවා. අනතුරුව සැකකරු ඇය කොළඹ මධ්‍යම බස් නැවතුම් පොලට රැගෙන විත් එහි අතරමං කර පළාගොස් ඇති අතර පසුව ඇය එහි සිටි හමුදා නිලධාරින්ගේ ආධාරයෙන් ගාල්ල බස් රථයක නැගී නිවසට පැමිණ තිබෙනවා.

දැරියගේ මව විසින් දියණියගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් රත්ගම පොලිසියට පැමිණිල්ලක් ද කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. දැරිය විසින් කරන ලද ප්‍රකාශ අනුව බාල වයස්කාර දැරියක් දූෂණය කිරිම සඳහා කාමර පහසුකම් ලබාදි ආධාර අනුබල දිමේ චෝදනාව යටතේ සැකකාර හෝටල් කළමනාකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිද්ධියට අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මකයි.