අසාධ්‍ය කොවිඩ් රෝගී කාන්තාවට අතවර කළ හෙද නිලධාරියාට අත් වූ ඉරණම
ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ බෝපාල් නගරයේ රෝහලක කොරෝනා ආසාදිත රෝගියෙකු දූෂණය කර ඝාතනය කිරීමේ චෝදනාව මත හෙද නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය අප්‍රේල් 6 වනදා 43 හැවිරිදි අදාළ කාන්තාව දූෂණය කර ඇති බවට වෛද්‍යවරයෙකුට පැමිණිලි කර ඇති අතර, ඒ අනුවයි පොලීසිය සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ. දූෂණයට ලක්ව අසාද්‍ය තත්වයේ සිටි මෙම කාන්තාව පසුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය මේ පිළිබඳ වාර්තා කර ඇත්තේ අදාළ සිද්ධියෙන් මසකට පසුව වීම විශේෂත්වයක්.
මේ අතර ගතවූ පැය 24 තුළ වැඩිම ආසාදිතයන් සහ මරණ වාර්තාවී ඇත්තේ ඉන්දියාවෙන් වන අතර, එම කාලය තුළ ආසාදිතයන් තුන්ලක්ෂ 43,288 ක් එරටින් හමුවී තිබෙනවා. මරණ 3,999 ක් ගතවූ පැය විසි හතරේදී එරටින් වාර්තාවුණා.
පවතින තත්වය හමුවේ භාරත් බයෝටෙක් සමාගම නිපදවන කොවැක්සින් එන්නත අනෙකුත් ඖෂධ සමාගම්වලට ද නිෂ්පාදනය කිරීම සඳහා අවසර ලබාදීමට ඉන්දීය රජය තීරණය කර තිබෙනවා.
එසේම එම එන්නත වයස අවුරුදු දෙකත්, 18 ත් අතර ළමයින්ට ලබාදීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සායනික පරීක්ෂණ ආරම්භ කිරීම සඳහා ඉන්දීය ඖෂධ පාලක ජනරාල්වරයා අවසර ලබාදී තිබෙනවා.
මේ අතර ඉදිරි මාස දෙකක කාලය තුළ පාකිස්ථානයේ කොරෝනා වසංගත තත්වය ඉතා දරුණු තත්වයකට පත්විය හැකි බවට එරට විදේශ ඇමති මොහොමඩ් කුරේෂි අනතුරු අඟවා තිබෙනවා. ඒ, හෙද හිඟය හේතුවෙන් පාකිස්ථානයේ කොරෝනා ප්‍රතිකාරවලට මේ වනවිට බාධා එල්ලවී ඇති පසුබිමකයි.
කොරෝනා වසංගතයට පෙරද පාකිස්ථානය තුළ ලක්ෂ 13 ක හෙද හිඟයක් පැවති අතර, වසංගත තත්වයත් සමඟ එරට සෞඛ්‍ය පද්ධතියට උග්‍ර හෙද හිඟය බලපෑම් එල්ල කර ඇති බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |