2021 වසරේ ලොව සතුටින්ම සිටින රට ප්‍රකාශයට පත් කෙරේ

Happiest Country
By Thaya Mar 21, 2021 06:39 PM GMT
Report

2021 ලෝකයේ සතුටින්ම සිටින රටවල් පිළිබඳ වාර්තාවට අනුව වසංගතය හමුවේ පවා ලොව ප්‍රීතිමත්ම රට ලෙස අඛණ්ඩව සිව්වන වසර සඳහාත් ෆින්ලන්තය ඉහළින්ම සිටිනවා. ගැලප් ලෝක ඡන්ද විමසීමේ දත්ත මගින් බල ගැන්වෙන මෙම වාර්ෂික ලැයිස්තුව වසංගතය හමුවේ මෙවර වෙනස් ආකාරයකින් සංයුක්ත කර ඇති බව සඳහන්. නමුත් පසුගිය මාස 12 තුළ සිදුවූ විනාශකාරී සිදුවීම් සහ එහි ප්‍රතිඵලයක් ලෙස රටවල් ගණනාවක මානසික සෞඛ්‍යය පිරිහීම තිබියදීත්, ලෝකයේ ප්‍රීතිමත්ම රටවල් ශ්‍රේණිගත කිරීමේදී ඉහළම ස්ථානයේ කිසිදු වෙනසක් සිදු වී නැහැ.

සිව්වන වසර සඳහාත් මෙසේ ෆින්ලන්තය ඉහළින්ම සිටින අතර අයිස්ලන්තය, ඩෙන්මාර්කය, ස්විට්සර්ලන්තය සහ නෙදර්ලන්තය පිළිවෙලින් දෙවැනි, තෙවැනි, සිව්වැනි සහ පස්වැනි ස්ථාන ලබාගෙන තිබෙනවා. මෙවර වාර්තාව සැකසීමේදී රටවල් ගණනාවක මුහුණට මුහුණ සම්මුඛ සාකච්ඡා සම්පූර්ණ කිරීමට පර්යේෂකයන්ට නොහැකි වූවා පමණක් නොව, යහපැවැත්ම සහ කොවිඩ්-19 අතර සම්බන්ධතාවය කෙරෙහි අවධානය වැඩිවශයෙන් යොමුකිරීමටද සිදුව තිබෙනවා. මෙම වාර්තාව මූලික වශයෙන් පදනම් වී ඇත්තේ දළ දේශීය නිෂ්පාදිතයේ මට්ටම්, ආයු අපේක්ෂාව, ත්‍යාගශීලිත්වය, සමාජ සහයෝගය, නිදහස ආදී නිර්ණායක ඔස්සේ බව සඳහන්


Gallery