හකීම්-බදියුදීන් ඇතුලට..? විමල්-උදය ඉවතට..?

Hakeem
By Thaya Mar 13, 2021 07:06 PM GMT
Thaya

Thaya

Report

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන ඇමතිවරුන් දෙදෙනාට ආණ්ඩුවෙන් ඉවත් වීමට සිදු වනු ඇති බව සති අන්ත ලංකාදීප පුවත්පත වාර්තා කරයි. නුදුරේදීම ඔවුනට ආණ්ඩුවෙන් ඉවතට යෑමට සිදුවනු ඇති බවත් ඒ සමගම රිෂාඩ් බදියුදීන් හා රවුෆ් හකීම් ගේ පක්‍ෂවල සහයෝගය ආණ්ඩුවට ලැබෙනු ඇති බවත් එම වාර්තාව කියා සිටී. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමක් ද විමල් වීරවංශ මහතා ආණ්ඩුවෙන් ඉවත් කරන ලෙස ඉල්ලා ඇතැයි ද එහි සඳහන්ය. එමෙන්ම උදය ගම්මන්පිල මහතා සම කැබිනට් ප්‍රකාශක ධුරයෙන් ඉවත් කරන්නැයි ඉල්ලීම් කර ඇති බවද ලංකාදීප වාර්තා කරයි.