නිරෝධායන නීති නොතකා හොර වැඩක සිටි පිරිසක් අත්අඩංගුවට

arrested defence qurantine
By Thaya Dec 27, 2020 11:23 PM GMT
Thaya

Thaya

Report

නිරෝධායන උපදෙස් නොපිලිපදිමින් බලපත්‍රයක් නොමැතිව කෙසෙල්ගමුඔය රක්ෂිතයේ පරිසර විනාශයක් සිදු කරමින් අනවසරෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් හයදෙනෙක් (26) දින අලුයම අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර මහතා පැවසිය.

බගවන්තලාව සිට කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔය රක්ෂිතයේ තෙරේසියා වත්ත ප්‍රදේශයෙන් සැකකරුවන් විශාල වලවල් හාරා විදුලියෙන් ක්‍රියාකරන වතු ඉසින යන්ත්‍ර උපයොගි කරගෙන අනවසරෙන් මැණික් ගැරිමේ ජාවාරමේ නිරතව සිටි බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

සැකකරුවන් අනවසරෙන් මැණික් ගැරු ස්ථානයට යාබදව පිහිටි වතු නිවාස පේලියක සිට ඉතා සුක්ෂම ලෙස වයර යොදාගෙන විදුලි බලයද ලබාගෙන මැණික් ගැරිම සිදුකරමින් සිටි බවත් , සැකකරුවන් මැණික් ගැරිමට උපයෝගි කරගත් උපකරණ රැසක් පොලිස් භාරයට ගත් බව පොලිස් ස්ථානාධිපතිවරයා පැවසිය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් බගවන්තලාව තෙරේසියා වත්තේම පදිංචිකරුවන් බවත් , සැකකරුවන් පොලිස් ඇප මත මුදා හැරි බවත් ,සැකකරුවන්ට එරෙහිව නිරෝධායන නිතිවලට පටහැනිව කටයුතු කිරිම සදහ බලපත්‍රයක් නොමැතිව මැණික් ගැරිම යන චෝදනා යටතේ හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගැනිමට කටයුතු කරන බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ