කොළඹ ග්‍රෑන්ඩ්පාස් වෙඩි වරුසාවට හසු වූ කාන්තාවත් මියයයි..

Police spokesman Sri Lanka Police Colombo Death Gun Shooting
By Aruna Jul 26, 2024 02:07 AM GMT
Aruna

Aruna

Report

කොළඹ ග්‍රෑන්ඩ්පාස් වදුල්ලවත්ත පුරදර සෙවන මහල් නිවාස සංකීර්ණය ඉදිරිපිට සිදුකළ වෙඩිතැබීමෙන් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාව අද (26) අලුයම මියගොස් තිබෙන බව වාර්තා වනවා.

ඊයේ (25) සවස් කාලයේදී පුද්ගලයෙකු සහ කාන්තාවක් ඉලක්ක කර මෙම වෙඩිතැබීම සිදුකෙරිණි.

මෙවර ජනපති පුටුවට අපේක්ෂකයින් 12ක් සටනට එයි..එම අපේක්ෂක ලැයිස්තුව මෙන්න..

මෙවර ජනපති පුටුවට අපේක්ෂකයින් 12ක් සටනට එයි..එම අපේක්ෂක ලැයිස්තුව මෙන්න..


එහිදී 32 හැවිරිදි කේ. ජී. ආර්. දර්ශන නමැති පුද්ගලයෙක් ඊයේ රාත්‍රියේදීම මිය ගිය අතර වෙඩි ප්‍රහාරයට ලක්ව බරපතළ තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අදාල කාන්තාව මෙලෙස අද අලුයම මියගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ.

අදාල නිවේදනය පහතින් දැක්වේ?

Gallery
ReeCha