දුම්වැටි සිල්ලරට හා මත්පැන් කාලේ බෝතල් අලෙවිය තහනම් කිරීමට රජයේ අවධානය..

Police
By Thaya Feb 20, 2021 05:59 PM GMT
Thaya

Thaya

Report

දුම්වැටි සිල්ලරට අලෙවිය තහනම් කිරීමට රජයේ අවධානය යොමු වී තිබේ. දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති ආචාර්ය සමාධි රාජපක්ෂ මහතා සඳහන් කළේ, මත්පැන් කාලේ බෝතල් අලෙවිය ද තහනම් කිරීමට අවධානය යොමු වී ඇති බවයි. ඒ සඳහා අවශ්‍ය නීති මේ වනවිට කෙටුම්පත් කරමින් ඇතැයි ඔහු ප්‍රකාශ කළේ ය. මේ අතර දුම්වැටි භාවිතය නිසා මෙරට පුද්ගලයින් 60 දෙනෙකු දෛනිකව මිය යන බව සමීක්ෂණයකින් හෙළි වී තිබේ. දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය කළ එම සමීක්ෂණයේදී හෙළි වී ඇත්තේ, මත්පැන් භාවිතයෙන් දෛනිකව පුද්ගලයින් 55 දෙනෙකු මිය යන බවයි.