සීමිත වාහන සංඛ්‍යාවක් හෝ ආනයනය කිරීම අත්හිටුවයි

By Sithumi May 24, 2021 03:07 PM GMT
Report

සීමිත වාහන සංඛ්‍යාවක් හෝ ආනයනය කිරීම රටේ වත්මන් තත්ත්වය සැළකිල්ලට ගනිමින් අත්හිටුවීමට ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) දින රැස්වූ කැබිනට් මණ්ඩලය තීන්දු කර ඇත.

අමාත්‍ය මණ්ඩල හමුව අද දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සූම් තාක්ෂණයෙන් රැස්වූ අවස්ථාවේ අමාත්‍ය මණ්ඩලය මෙම තීරණය ගෙන තිබේ. වර්තමානයේ රටේ පවතින තත්ත්වය සහ මූල්‍ය ස්ථාවරය පිළිබඳ අවධානය යොමු ක‍ර මින් වාහන ගෙන්වීම තවදුරටත් සීමා කළ යුතුව ඇතැයි කැබිනට් මණ්ඩලයට අමාත්‍යවරුන් පෙන්වා දී ඇත.

ඒ අනුව සීමිත වාහන සංඛ්‍යාවක් හෝ ආනයනය කිරීමට මෙයට පෙර පැවති යෝජනාව කැබිනට් මණ්ඩලයේ තීරණය අනුව තවදුරටත් අත්හිටුවීමට පියවර ගෙන තිබේ. රොහාන් වැලිවිට, අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්