ජපන් රැකියා සිහින දකින්නන්ට සුබ ආරංචියක්.

By krishani Jan 11, 2023 09:16 AM GMT
Report

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ජපානයේ ඔටෝ මොබයිල් ක්ෂේත්‍රයේ වැඩි රැකියා අවස්ථා ලබාදීමට ඔටෝ මොබයිල් පුහුණු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට සහ එහි පුහුණුව ලබන පුහුණුලාභීන්ට සෘජුවම ජපානයේ රැකියා අවස්ථා ලබාදීමට ජපානය තීරණය කර ඇත.

ඒ සම්බන්ධයෙන් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා හමුවීමට පැමිණි ඉහළ පෙළේ ජපන් රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත කණ්ඩායමක් එකඟතාවය දැක් වූ බව එම අමාත්‍යංශය පවසයි.

අද (11) උදෑසන, ජපාන කැබිනට් කාර්යාලයේ රාජ්‍ය අමාත්‍ය FUJIMARU Satoshi සහ හිටපු රාජ්‍ය අමාත්‍ය YAMAMOTO Kozo යන මහත්වරුන් ප්‍රමුඛ ජපාන නියෝජිත කණ්ඩායමක් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ දී හමු විය.

එහිදී ජපාන නියෝජිත කණ්ඩායම මෙම එකඟතාවය දැක්වූ බව අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

ඔටෝ මොබයිල් ක්ෂේත්‍රයේ රැකියා ඉලක්ක කරගත් මෙම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කිරීමට මෙහිදී අවධානය යොමුව ඇත.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මැදිහත්වීම සහ සහාය ලබාදීමට ද මනුෂ නානායක්කාර අමාත්‍යවරයා එකඟතාවය පළ කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join