සුළුමොහතකට පෙර හොරණ වෙඩිතැබීමක් - එක් අයෙක් මරුට

Report

හොරණ අක්කර 12 සිරිල්ටන් වත්ත ප්‍රදේශයේ අද (2) රාත්‍රියේ වෙඩිතැබීමක් සිදුව තිබේ.

පෞද්ගලික ආරවුලක් මත මෙය සිදුකර ඇති බව වාර්තා වේ.

බෝර 12 වර්ගයේ ගිනිඅවියකින් වෙඩිතැබීම සිදුකර ඇති බව මූලික විමර්ශනයේ දී අනාවරණය වී තිබේ.

සැකකරු හොරණ පොලීසිය මගින් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත.