රජරට ගුරුවරු රාජකාරියෙන් ඉවත් වෙයි
රජරට විශ්වවිද්‍යාලීය පාලක සභාව විසින් උපකුලපති තනතුර සඳහා නම් යැවූ නාම යෝජනා නොසලකා මාස හතරකට පසුව කිසිදු හේතුවක් නොදන්වා අලුත් නාම යෝජනා තුනක් ඉදිරිපත් කරන ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් දැනුම් දී ඇත.
එයට රජරට විශ්ව විද්‍යාලීය ආචාර්ය සංගමය විසින් විරෝධය පළ කරමින් අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කල බව සභාපති නාලක ගීකියන මහතා පැවසිය.
ඒ අනුව, රජරට විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් මේ දිනවල විශ්වවිද්‍යාලයේ සාමාන්‍ය රාජකාරිවල නිරත ව සිටියද, දේශන පැවැත්විම සහ අනෙකුත් පරිපාලන කටයුතු වලින් බැහැරව සිටින බවද සඳහන් වේ. රජරට විශ්වවිද්‍යාලයේ මාධ්‍ය හමුවකදී සභාපතිවරයා මෙය පැවසුවේය.
“ වත්මන් වැඩ බලන උපකුලපතිවරයාගේ සහ ලේඛකාධිකාරිවරියගේ අත්තනෝමතික, අනීතික සහ විනය විරෝධී වැඩපිළිවෙලට ප්‍රතිචාර වශයෙන්, අඛණ්ඩ වැඩ වර්ජනයක් ආචාර්යවරුන් පසුගිය මස 30 වැනිදා සිටි ආරම්භ කොට තිබේනවා.වත්මන් වැඩ බලන උපකුලපති තුමන් සහ ලේඛකාධිකාරීතුමිය ඉතාමත් අත්තනෝමතික අයුරින්, විශ්ව විද්‍යාලීය පාලක සභාවේ තදබල විරෝධය ද නොතකා මේ වන විට අලුතෙන් උපකුලපති තනතුර සඳහා අයදුම්පත් කැඳවීමට පුවත්පත් දැන්වීමක් පළ කොට තිබෙනවා."