කොළඹ වරාය බටහිර පර්යන්තය ගැන රජයේ අලුත්ම තීරණය මෙන්න.

Government
By Thaya Mar 03, 2021 05:12 PM GMT
Report

කොළඹ වරාය බටහිර පර්යන්තය ඉන්දීය අදානි සමාගම සහ ජපාන ආයෝජකයෙකු සමඟ සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. මෙය රාජ්‍ය පෞද්ගලික ව්‍යාපාරයක් ලෙස සංවර්ධනය කරන බව අද පැවති කැබිනට් හමුවේ දී දැනුම් දුන්නේය. ආපසු රජයට ලබා දීමේ පදනම මත වසර 35 ක කාලයක් සඳහා මෙම ගිවිසුම ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දී ඇත.