"නිකාබය හෝ බුර්කාව තහනම් කිරීමට රජය තීරණය කර නැහැ : එය යෝජනාවක් පමණයි" – විදේශ කටයුතු ලේකම්

Government
By Thaya Mar 16, 2021 06:13 PM GMT
Thaya

Thaya

Report

ශ්‍රී ලංකාවේ බුර්කාව සහ නිකාබය පැළඳීම තහනමක් පැනවීම සඳහා ශ්‍රී ලංකා රජය තීරණයක් ගෙන නොමැති බවත් එය හුදෙක් යෝජනාවක් පමණක් බවත් එය දැනට සාකච්ජාවට භාජනය වෙමින් පවතින බව විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ ප්‍රකාශ කර සිටිනවා. ශ්‍රී ලංකාවේ බුර්කාව සහ නිකබය පැළදීම තහනම් කිරීමේ යෝජනාවක් සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශ පිළිබඳව මෑත කාලීනව පලවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් විදේශ කටයුතු අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇත.

එවැනි තහනමක් පැනවීම සඳහා රජය තීරණයක් ගෙන නැහැ. එය හුදෙක් යෝජනාවක් පමණක් වන අතර එය දැනට සාකච්ඡාවට භාජනය වෙමින් පවතිනවා. පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාරයන් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ විමර්ෂණයන්ට අනුව ජාතික ආරක්ෂක හේතුන් මත අවශ්‍ය වන පූර්වාරක්ෂාව මෙම යෝජනාව සඳහා පදනම් වී තිබෙනවා” විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා සඳහන් කර ඇති බව එම නිවේදනයේ දැක්වෙනවා. එමෙන්ම මේ සම්බන්ධයෙන් රජය විසින් අදාළ සියලු පාර්වශ්වයන් සමඟ පුළුල් සංවාදයක් ආරම්භ කරනු ඇති බවත් අවශ්‍ය උපදේශන පැවැත්වීම සහ එකඟතාවකට පැමිණීම සඳහා ප්‍රමාණවත් කාලයක් වැය කරන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.