ශාසනයට දරුවන් පූජා කළ පවුල්වලට රජයේ රැකියාවක්

Government
By Thaya Apr 04, 2021 03:49 PM GMT
Report

ශාසනයට දරුවන් පූජා කළ පවුල්වල අවශ්‍යතාව මත රැකියාවක් ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, වවුනියාව උතුර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් වෙඩිවෛත්‍යකල්ලු ග්‍රාම සේවා වසමේ, බෝගස්වැව මහා විද්‍යාල භූමියේ අද (3) පැවති “ගම සමග පිළිසඳර” 17 වැනි වැඩසටහනට එක්වෙමින්. දෙමාපියන් රැක බලා ගැනීමට සිදුවීම නිසා ඇතැම් භික්ෂූන් වහන්සේට ශාසනික මෙහෙවර ඉටුකිරීම අපහසු වී ඇති බැවින් මෙම තීරණය ගත් බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ. ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේ, රැකියා ලක්ෂයේ ව්‍යාපෘතියෙන් එම රැකියා ලබාදෙන බවයි