බේරුවල මුහුදේදී නාවික හමුදා භාරයට ගත් ධීවර බෝට්ටුවේ තොරතුරු එළියට
බේරුවල මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගත් ධීවර යාත්‍රාවේ කිලෝග්‍රෑම් 250කට අධික කොකේන් ප්‍රමාණයක් සොයාගෙන තිබේ.
මෙම කොකේන් වටිනාකම රුපියල් බිලියනයකට අධික බව වාර්තා වන අතර,එම ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් 06 දෙනෙකුද නාවික හමුදා භාරයට ගන්නා ලදී.
නාවික හමුදා නිවේදනය අනුව, භාරයට ගත් ධීවර යාත්‍රාව අද (16) පස්වරුවේ දික්ඕවිට ධීවර වරායට රැගෙන ආ බවද සඳහන් කර තිබේ.
මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරමින් සිටින අතර, සොයාගත් මත්ද්‍රව්‍ය හා සම්බන්ධ සැකකරුවන් පිළිබඳ තොරතුරු අනාවරණය කරගනිමින් පවති.