ඇප මත සිටින රාජිත සේනාරත්නටත් වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වෙයි - විදෙස් ගමන් තහනම ලිහිල් කරයි

Report

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇප මත මුදාහැර සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන මෙන් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම ක‍ර තිබෙනවා.

ඒ රාජිත සේනරත්න මහතාගේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ ඉල්ලීමක් අද (26) දින කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවූ පසුවයි.

එහිදී සැකකරුගේ නීතිඥවරයා ප්‍රකාශ කළේ, තම සේවාදායකයාට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට විදේශගත වීමට අවශ්‍යව ඇති බවයි.

සුගීෂ්වර බණ්ඩාරගේ අසූචි ප්‍රහාරය පොලිසියට යයි - ශ්‍රී ලංකා පොලීසියෙන් කැඳවීමක්

සුගීෂ්වර බණ්ඩාරගේ අසූචි ප්‍රහාරය පොලිසියට යයි - ශ්‍රී ලංකා පොලීසියෙන් කැඳවීමක්

ඒ වෙනුවෙන් දැනට පනවා ඇති විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙසත් නීතිඥයවරයා අධිකරණයෙන් ඉල්ලා සිටි බව සඳහන්.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සැකකරුට පනවා තිබූ විදේශ ගමන් තහනම එළඹෙන මස 02 වෙනි දින දක්වා තාවකාලිකව ලිහිල් කරන මෙන් ආගමන හා විගමන පාලකවරයාට නියම ක‍ර ඇත.

අමාත්‍යවරුන්ගේ ඉන්ධන කෝටා හා වරප්‍රසාද අඩු කරයි - ඒ මුදල මේ ප්‍රජාවට ලබාදෙන්න සූදානමක්

අමාත්‍යවරුන්ගේ ඉන්ධන කෝටා හා වරප්‍රසාද අඩු කරයි - ඒ මුදල මේ ප්‍රජාවට ලබාදෙන්න සූදානමක්

ඉදිකිරීම් කරද්දි මේ වාර්තාව නොගත්ත සැමට අනතුරු ඇඟවීමක් - නිරිතදිග මෝසමත් සමඟ රටටම රතු එළි

ඉදිකිරීම් කරද්දි මේ වාර්තාව නොගත්ත සැමට අනතුරු ඇඟවීමක් - නිරිතදිග මෝසමත් සමඟ රටටම රතු එළි