'බැංකු ණය හා ලීසිං වාරික' ගැන රජය ගන්න තීරණය මෙන්න...

bank loan leasing sunil hadunghetti
By Sewvandhi Aug 30, 2021 09:27 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොවිඩ් වසංගතයේ බලපෑම හේතුවෙන් බැංකු ණය හා ලීසිං වාරික ගෙවා ගැනීමට නොහැකි වූවන්ට සහන සැලසීම සඳහා ලබාදුන් තුන් මසක සහනය තවත් ටික කලකට දීර්ඝ කිරීමට රජයේ අවධානය යොමුව ඇති බව අද  සඳහන් කළා.

 කොවිඩ් තුන්වන රැල්ලේ දැඩි අහිතකර බලපෑම මත ණය ආපසු ගෙවීම ජුනි, ජූලි හා හා අගෝස්තු මාසවල අත්හිටුවීමට පියවර ගන්නා ලෙස රජයේ උපදෙස් මත මහ බැංකුව විසින් මෙරට බැංකු හා මූල්‍ය පද්ධතියට මග පෙන්වීම් ලබා දී තිබුණා.

ඒ අනුව එම සහන කාලය හෙටින් (31) නිම වීමට නියමිතව තිබෙනවා. එනමුත් රටේ වර්තමානයේ පවතින තත්ත්වය සලකා බලා මේ සහන කාලය තව ටික කාලයකට දීර්ඝ කිරීමට රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වනවා.

මේ අතර, අද මුළු රටේ ම වෙළෙඳපොළ හසුරුවන්නේ හොරුන් හතර පස්දෙනෙකුගේ ඒකාධිකාරයක් හරහා බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති අනාවරණය කරයි.

ඒ අනුව, අත්‍යවශ්‍ය භාණ්ඩ මෙන්ම අත්‍යවශ්‍ය ඖෂධ මිල ඉහළ දමා ආණ්ඩුව ජනතාවගෙන් පළිගන්නා බවත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ මිල වැඩි කර එහි වාසිය ලබාදෙන්නේ තමන් බලයට ගෙන ඒමට සහාය දුන් ජාවාරම්කාරයන්ට බවත් පවසන හඳුන්නෙත්ති මහතා තවදුරටත් චෝදනා කළේ මිනිස් ජීවිත බිල්ලට දී හෝ ආණ්ඩුව මේ පිරිස රකින්න උත්සාහ කරන බවයි.

ඉහළ දැමූ අත්‍යවශ්‍ය ඖෂධ මිල අතර අධි රුධිර පීඩනයට ගන්නා ලොසාටන් පොටෑසියම් මිලිග්‍රෑම් 25 රු. 4 සිට 9.62 දක්වාත්, මිලිග්‍රෑම් 50 රු. 7 සිට 13.49 දක්වාත්, කොලෙස්ටරෝල්වලට ගන්නා ඇටෝවාන්ටැටීන් මිලිග්‍රෑම් 10 රු. 4.50 සිට 14.60 දක්වාත්, එසේ ම එහි මිලිග්‍රෑම් 20 රුපියල් 7.50 සිට 23 දක්වාත්, දියවැඩියාවට ලබාගන්නා මෙට්ෆෝමින් මිලිග්‍රෑම් 500 රු. 3.20 සිට 5.17 දක්වාත්, ග්ලික්ලසයිඩ් මිලිග්‍රෑම් 80 රු. 5 සිට 14.80 දක්වාත්, ගැස්ට්‍රයිටීස්වලට ලබාගන්නා ඔමෙප්‍රසොල් මිලිග්‍රෑම් 20 රු. 4.80 සිට 5.89 දක්වාත්, පැන්ටොප්‍රසෝල් මිලිග්‍රෑම් 30 රු. 3.50 සිට 22.25 දක්වාත්, එම මිලිග්‍රෑම් 40 රු. 4.50 සිට 36.65 දක්වාත් ඉහළ දමා ඇතැයි ඔහු පෙන්වා දෙයි.

හඳුන්නෙත්ති මහතා සඳහන් කළේ ආණ්ඩුව ජාවාරම්කාර මාෆියාව සතුටු කරනවා වෙනුවට ජනතාවට සහන දිය යුතුවන අතර ගැසට් නිවේදන නිකුත් කළ යුත්තේ ජනතාවට සහන ලබාදීම වෙනුවෙන් බවයි. කෙසේ වුවත් භාණ්ඩ මිල වැඩි කිරීමේදී ආණ්ඩුවට පොඩි මිනිහා මතක් නොවන බව සඳහන් කළ හෙතෙම වැඩිදුරටත් කියා සිටියේ,

ආණ්ඩුවේ මාධ්‍ය සංදර්ශන හැටියට දේශීය කර්මාන්ත, දේශීය ගොවියා ගැන කතා කරන නමුත් පොහොර ප්‍රශ්නය මතුවෙන විට කෘෂිකර්ම ඇමතිවරයාට කොවිඩ් හැදුණු බව කීමත් තෙල් මිල වැඩිවන විට ඛනිජ තෙල් ඇමැති විවිධ තර්ක ඉදිරිපත් කර පසුව කොවිඩ් වැළඳුණු බව කියා පැත්තකට වීමත් බඩු මිල ගැන විවිධ තර්ක ඉදිරිපත් කර සතොසෙන් ඕනෑ කෙනකුට බඩු ගන්න පුළුවන් යැයි තර්ක කර අන්තිමේ කොවිඩ් හැදුණු බව කියා වෙළෙඳ ඇමැති පැත්තකට වන නමුත් ඉන් පසු ඒවාට වගකීමට කෙනෙක් නොමැති වන බවයි.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha