රජයෙන් ගම්මිරිස් මිලට ගැනීම ඇරඹේ..

Government Business
By Thaya Apr 09, 2021 06:49 PM GMT
Report

කුළු බඩු සංස්ථාව මගින් ගම්මිරිස් මිලට ගැනීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව සුළු අපනයන භෝග ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය පවසයි. රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළේ, ගම්මිරිස් කිලෝග්‍රෑමයක් රුපියල් 800 ක මිලකට මිලදී ගැනීම සිදු කරන බවය. මේ වනවිට ගම්මිරිස් බහුල ලෙස වගා කෙරෙන ප්‍රදේශ වන මීමුරේ හා රත්නපුර කොලොන්න ප්‍රදේශවල එම මිලදී ගැනීම් සිදු කර ඇති අතර ඒ යටතේ මිලදී ගෙන ඇති ගම්මිරිස් ප්‍රමාණය කිලෝග්‍රෑම් 15,000 කට අධික බව ඔහු ප්‍රකාශ කළේ ය. මීට සමගාමීව මිලදී ගන්නා ගම්මිරිස් සහන මිලට ජනතාවට ලබාදීමේ වැඩපිළිවෙළක් ද ආරම්භ කර ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.