අවසන් දින කිහිපය ගත කරන ආණ්ඩුව සහ ජනාධිපතිවරයා!!! ජනතා ආකර්ෂණය ලබාගැනීමට දැඩි නියෝග!!!!

Government President
By Thaya Jan 06, 2021 04:41 PM GMT
Thaya

Thaya

Report

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇන්ට් ගෘප් හි Alipay ඇතුළු චීන මෘදුකාංග යෙදුම් 8ක් සමග ගනුදෙනු කිරීම තහනම් කරමින් විධායක නියෝගයකට අත්සන් කර ඇති බව ජ්‍යෙෂ්ඨ ධවල මන්දිර නිලධාරියෙකු උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබේ.

මීට පෙරද WeChat සහ TikTok සමග ගනුදෙනු කිරීම තහනම් කරමින් ට්‍රම්ප් විධායක නියෝගයකට අත්සන් තැබුවද, එය ෆෙඩරල් විනිසුරුවන් විසින් අවහිර කරන ලදී.

විශේෂයෙන්ම තම ධුරයේ අවසන් දින කිහිපය ගතකරන ජනපති ට්‍රම්ප්, මෙවර ජනාධිපතිවරණ ප්‍රතිඵලය උඩු යටිකුරු කිරීමට ගත් උත්සාහය තවමත් ව්‍යර්ථ වී ඇති තත්ත්වයක, තවදුරටත් ඇමෙරිකානුවන් තමන් වෙත ආකර්ෂණය කරගැනීම සඳහා මෙවැනි ප්‍රවර්ධනයන් සිදුකරන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.


Gallery