ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස පළමු ස්ථානයට ආවේ කවුද දන්නව ද?. පුදුම හිතෙන වත්කමක්.. (PHOTOS)
India
Dollars
Latest Headlines
By krishani
ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස නැවත පළමු ස්ථානයට ඉන්දියාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානි පත් ව තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් සුප්‍රකට බ්ලූම්බර්ග් (Bloomberg) වෙබ් අඩවිය වාර්තා කළේ ය.
මේ වන විට අදානිගේ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 97.6 දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන් වේ.
ඒ අනුව ලොව සුපිරි ධනවතුන් අතර 12 වැනි ස්ථානයට ඔහු පත්ව ඇත.
ආදානිට පෙර ආසියාවේ ධනවතා බවට පත්ව සිටි ඉන්දියාවෙහිම තවත් ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු වන මුකේෂ් අම්බානි දෙවැනි තැනට පත් ව තිබෙනවා.
කෙසේ වෙතත්, ඒ අනුව මුකේෂ්ගේ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 97ක් වේ.
![ReeCha](https://cdn.ibcstack.com/bucket/6721eaac546d5.webp)