ගෝඨා ගෝ ගමට ගැහුවේ කව්ද? අළු යට ගිනි අවුස්සමින් අධිචෝදනා

Report

"ගෝඨා ගෝ ගම" විරෝධතා භූමියට එල්ල වූ බව කියන ප්‍රහාරය සම්බන්ධ නඩුව විභාග කිරීම සඳහා මහාධිකරණයේ විනිසුරුවරුන් තිදෙනෙකුගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් 20 දෙනෙකුට එරෙහිව අධිචෝදනා ගොනු කිරීමට නියමිතය.

විශ්‍රාමික නිලධාරියා අනතුරේ - රාජ්‍ය බැංකුවේ ඇප් එකෙන්ම ලක්ෂ ගාණකට වග කියන අපරාධකරුවන්

විශ්‍රාමික නිලධාරියා අනතුරේ - රාජ්‍ය බැංකුවේ ඇප් එකෙන්ම ලක්ෂ ගාණකට වග කියන අපරාධකරුවන්

චෝදනා 328ක් යටතේ මෙම අධිචෝදනා ගොනු කරන බව නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

"ගෝඨා ගෝ ගම" විරෝධතා භූමියට එල්ල වූ බව කියන ප්‍රහාරය අතරතුර පුද්ගලයින් 56 දෙනෙකුට බරපතල තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් ද අධිචෝදනා ගොනු කරන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

ලංකාවට රතු නිවේදනයක් - බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙයි

ලංකාවට රතු නිවේදනයක් - බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙයි

ගෝඨා ගෝ ගමට ගැහුවේ කව්ද? අළු යට ගිනි අවුස්සමින් අධිචෝදනා | Gota Go Gama Case Set For High Court Trial