කොරෝනා අතරේ රැකියා අහිමි වූවන්ට සුබ ආරංචියක්...මෙන්න කරන්න හදන දේ..

Covid-19
By Thaya Mar 18, 2021 05:57 PM GMT
Thaya

Thaya

Report

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් රැකියාවට යාමෙි අපහසුතා හේතුවෙන්, අදාළ ආයතනය විසින් සේවයෙන් ඉවත්කිරීම හේතුවෙන් හෝ වෙනත් අපහසුතා හේතුවෙන් රැකියා අහිමි වූ පෞද්ගලික අංශයේ සේවයේ නියුතුව සිටි අය පිළිබඳව තොරතුරු රැස්කිරීමට කම්කරු දෙපාර්තමේන්තුවට පියවර ගෙන තිබේ. එවැනි සේවක සේවිකාවන්ට ලබාදිය හැකි යම් සහනයක් වේ නම් ඒ පිළිබඳ ව ඉදිරියේදී ක්‍රියාත්මක වීමේ අරමුණින් මෙම සංගණනය සිදුකරන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

රැකියා අහිමි වූ අය තම නම, ලිපිනය, දුරකතන අංකය, සේවය කළ ස්ථානයේ ලිපිනය, සේවයෙන් ඉවත් කළ දිනය, එහි සේවා කාලය සහ අවසන් වරට ලැබූ මූලික වැටුප් යනාදිය පිළිබඳ තොරතුරු කම්කරු කොමසාරිස් (කාර්මික සබඳතා අංශය )11 මහළ, මෙහෙවර පියස කොළඹ 05 යන ලිපිනයට යොමු කරන ලෙස කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍ර කීර්ති මහතා ඉල්ලා සිටි. 2021 අප්‍රේල් 01ට පෙර මෙම තොරතුරු එවන ලෙසත් වැඩිදුර විස්තර 0112-368502 දුරකථන අංකයෙන් ලබාගත හැකි බවත් ඔහු පැවසීය. irlabur456@gmail.com ඊමේල් ලිපිනයට ද තොරතුරු එවිය හැකිය.