පැරණි පෙම්වතියට අතවර කරන්න ගොස් හිරේ

Police
By Thaya Mar 14, 2021 06:14 PM GMT
Thaya

Thaya

Report

පැරණි පෙම්වතිය ත‍්‍රීවීල් රථයකින් පැහැරගෙන විත් කටුනායක, ආඬිඅම්බලම ප‍්‍රදේශයේ හෝටල් කාමරයකට රැගෙන ගොස් ලිංගික අතවර කිරීමට තැත් කළ සැකකරුවකු ලබන 15 වැනිදා දක්වා රිමාන්ඞ් භාරයේ තබන ලෙසට මිනුවන්ගොඩ වැඩබලන මහෙස්ත‍්‍රාත් සරල කරුණාරත්න මහතා නියම කළා. ඔහු කටුනායක, හීනටියන ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වනවා. 20 හැවිරිදි තරුණිය සමග සැකකරු වසර 02ක පමණ කාලයක් පේ‍්‍රම සම්බන්ධයක් පවත්වා ඇති බව අධිකරණයේදී සඳහන් වුණා. සැකකරුගේ කි‍්‍රයාකලාපය ගැන සෑහීමකට පත් නොවූ තරුණිය එම පේ‍්‍රම සම්බන්ධය නවතා දමා තිබෙනවා.

තරුණිය වැඩිදුර අධ්‍යාපනය සඳහා ජපානයට යෑම සඳහා අවශ්‍ය කටයුත්තකට කොටිකාවත්ත ප‍්‍රදේශයට ගොස් සිටියදී සැකකරු තවත් දෙදෙනකු සමග තී‍්‍රවීල් රථයකින් ගොස් මරන බවට බිය ගන්වා තරුණිය ආඬිඅම්බලම ප‍්‍රදේශයේ හෝටල් කාමරයකට රැගෙන ගොස් අතවර කිරීමට සූදානම් වූ අවස්ථාවේ හෝටල් සේවකයින් ඇයව බේරා ගෙන තිබෙනවා. 20 හැවිරිදි තරුණිය සමග සැකකරු වසර 02ක පමණ කාලයක් පේ‍්‍රම සම්බන්ධයක් පවත්වා ඇති බව අධිකරණයේදී සඳහන් වුණා. සැකකරුගේ කි‍්‍රයාකලාපය ගැන සෑහීමකට පත් නොවූ තරුණිය එම පේ‍්‍රම සම්බන්ධය නවතා දමා තිබෙනවා. තරුණිය වැඩිදුර අධ්‍යාපනය සඳහා ජපානයට යෑම සඳහා අවශ්‍ය කටයුත්තකට කොටිකාවත්ත ප‍්‍රදේශයට ගොස් සිටියදී සැකකරු තවත් දෙදෙනකු සමග තී‍්‍රවීල් රථයකින් ගොස් මරන බවට බිය ගන්වා තරුණිය ආඬිඅම්බලම ප‍්‍රදේශයේ හෝටල් කාමරයකට රැගෙන ගොස් අතවර කිරීමට සූදානම් වූ අවස්ථාවේ හෝටල් සේවකයින් ඇයව බේරා ගෙන තිබෙනවා.