ඉදිරි සති දෙක තුළ මරණ අසාමාන්‍ය ලෙස ඉහළ යා හැකි
පවතින කොවිඞ් තත්ත්වය අනුව ඉදිරි සති දෙක මෙරටට ඉතාමත් අවදානම් සහ තීරණාත්මක බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
වෙසක් සතිය අවසන් වන තුරුම සංචරණ සීමා ඉතා තදින් ක‍්‍රියාත්මක කළ යුතු බවත්, සෞඛ්‍ය නීතීන්ට අනුගතව එය පවත්වාගෙන යෑමට අපොහොසත් වන්නේ නම් රෝගීන්ගේ සංඛ්‍යාව මෙන්ම සිදුවිය හැකි මරණ සංඛ්‍යාවද අසාමාන්‍ය ලෙස ඉහළ යා හැකි බවයි එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා සඳහන් කළේ.
පසුගිය මාස දාහතර තුළ මෙරටින් කොවිඞ් ආසාදිතයින් ලක්‍ෂයක් පමණ වාර්තා වුවත්, පසුගිය මාස දෙකහමාරක කාල සීමාවේදී රෝගීන් හතළිස් දහස ඉක්මවා වාර්තා වීම සෞඛ්‍ය අංශයට දැරිය හැකි ධාරිතාව ඉක්මවා යාමක් බවත් වෛද්‍යවරයා සඳහන් කළා.
කොවිඩ් රෝග ව්‍යාප්තිය සමග පළමු මාස 13-14 අතර කාල සීමාවේදී මරණ 500 ක් පමණ වාර්තා වුවත්, පසුගිය මාස දෙකක කාල සීමාවේදී එම මරණ සංඛ්‍යාවම වාර්තාවීම කොවිඞ් රෝග තත්ත්වයේ ප‍්‍රබලත්වය පෙන්නුම් කරන්නක් බවද ඔහු සඳහන් කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |