පොලිස් නිලධාරින් ඉල්ලන සත්‍ය තොරතුරු ලබාදෙන්න... අජිත් රෝහණ

information
By Thaya Dec 29, 2020 08:23 PM GMT
Report

ශ්‍රී පාද වන්දනාවේ යෙදීමේ දී බලධාරීන් විසින් ලබාදෙන සුව උපදෙස් පිළිපදිමින් කටයුතු කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක හා නියෝජ්‍ය පොලිස්‌පති අජිත් රෝහණ මහතා රටේ ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ මහතා මේ බව කියා සිටියේ කොවිඩ් සම්බන්ධයෙන් පැවෙත්වෙන දෛනික මාධ්‍ය හමුවට එක් වෙමින්

මෙහිදී ඔහු කියා සිටියේ සිරිපාද වන්දනා කරන බැතිමතුන්ගේ තොරතුරු යම් ආරක්ෂක නිලධාරියෙකු විසින් ඉල්ලා සිටින්නේ නම් සත්‍ය තොරතුරු ඔවුන් වෙත ලබාදෙන ලෙසයි.

ඔබගේ ස්ථිර ලිපිනය සහ තාවකාලික පදිංචිව සිටින්නේ නම් එහි විස්තර නිවරදිව ආරක්ෂක අංශය වෙත ලබාදෙන ලෙසයි ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටියේ.