ඩෙංගු පරික්ෂාවට ගිය දැරියකට ජලභීතිකා එන්නතක් ලබාදුන්න හැටි මෙන්න.

Dengue Rabies
By Thaya Jan 02, 2021 06:22 AM GMT
Report

පානදුර මූලික රෝහලේ ඩෙංගු රෝග පරීක්ෂාවක් සඳහා පැමිණි දැරියකට හෙදියක විසින් වැරදීමකින් ජලභීතිකා එන්නතක් ලබාදී ඇති බව එම දැරියගේ මිත්තණිය විසින් මාධ්‍යයට අනාවරණය කර තිබෙනවා.

ඊයේ උදෑසන අවුරුදු 1 යි මාස 7 ක් පමණ වන මෙම කුඩා දැරිය සහ ඇයගේ මව මෙන්ම මිත්තණිය ද රුධිර පරීක්ෂාවක් සඳහා රෝහල වෙත පැමිණ තිබේ.

මේ සම්බන්ධයෙන් පානදුර මූලික රෝහලේ අධ්‍යක්ෂවරියගෙන් කරුණු විමසීමේදී ඇය කියා සිටියේ, සිද්ධිය සම්බන්ධයෙන් තමන් පූර්ණ දැනුවත්භාවයක් නොමැති බවයි.

කෙසේ වෙතත්, සිද්ධියට අදාළව විමර්ශනයක් ක්‍රියාත්මක කරන බව ද ඇය කියා සිටියා.