බළලෙකු ඝාතනය කර ආහාරයට ගත් 27 හැවිරිදි තරුණියක් අත්අඩංගුවට.- (වීඩියෝ දර්ශන සහිතයි)
27 හැවිරිදි තරුණියක් විසින් බළලෙක් ඝාතනය කර ආහාරයට ගෙන ඇති සිදුවීමක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ, එක්සත් ජනපදයේ වන අතර සත්ව හිංසනය පිළිබඳ සාපරාධී චෝදනාවට වරද පිළිගැනීමෙන් පසු, එරට අධිකරණයෙන් ඇයට වසරක සිර දඬුවමක් නියම කර තිබෙනවා.
ඇය මෙම ඝාතනය සිදු කර ඇත්තේ, පසුගිය අගෝස්තු මාසයේදීයි.
ඇයගේ නිවසට ළඟා වූ පොලිස් නිලධාරීන්ට දැකගත හැකිවී ඇත්තේ, ඇය එළිමහන් පරිශ්‍රයේ සිට බළලා අනුභව කරන ආකාරය අසල්වැසියන් බියට පත්ව බලා සිටින බවයි.
මේ සම්බන්ධයෙන් විනිසුරුවරයා අදහස් දක්වා තිබුනේ මෙලෙසින්,
"ඔබ අපේ ප්‍රජාවට සෑහෙන අනතුරක් ඉදිරිපත් කරනවා. මේක මට පිළිකුලක්. ඒ වගේම සතෙක් පොඩි ළමයෙක් වගේ. මම දන්නේ නැහැ ඔයාට ඒක තේරෙනවාද නැද්ද කියලා.
මෙම අපරාධය මා තුළ ඇති කළ බලාපොරොත්තු සුන්වීම, කම්පනය, පිළිකුල ප්‍රකාශ කළ නොහැකියි. බළලෙක් ආහාරයට ගැනීමට කෙනෙක් පෙළඹෙන්නේ ඇයි කියලා මම දන්නේ නැහැ.''
You may like this video