ජිනීවා මානව හිමිකම් සමුළුව ඇරඹේ
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය අද ජිනීවා නුවරදී ආරම්භ වුණා.
සමුළුවේ ප්‍රධාන වාර්ෂික සැසිවාරය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 1.40 ට ආරම්භ වූ අතර, ඉදිරි දින දෙක තුල ලොව පුරා රටවල් 130 ක නියෝජිතයන් තම රටවල මානව හිමිකම් සුරක්ෂිත කිරීමට ගෙන ඇති පියවර ඉදිරිපත් කිරීමට නියමිතයි.
ජගත් සංවිධාන මහලේකම් අන්තෝනියෝ ගුටේරස්, එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයේ සභාපති වොල්කාන් බොස්කීර් මෙන්ම, ජගත් මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචලේ ද ආරම්භක සැසිය ඇමතීමට නියමිතව තිබෙනවා.
මෙවර ජගත් මානව හිමිකම් මණ්ඩල සැසිවාරයට ශ්‍රී ලංකාව පිලිබඳ යෝජනාවක් ද ඉදිරිපත් කිරීමට කටයුතු කෙරෙන අතර, මෙරට සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා නව යෝජනාව ඉදිරිපත් කරන බවයි සත්කාරක රටවල් කණ්ඩායම ප්‍රකාශ කළේ.අදාළ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව ඇත්තේ අනිද්දා දිනයේදීයි.