සාමාන්‍ය පෙළ විභාගය අදයි.. සිසුන්ට විශේෂ දැනුම්දීමක්.

Education
By Thaya Mar 01, 2021 06:10 PM GMT
Thaya

Thaya

Report

2020 වර්ෂයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (01) ආරම්භ වීමට නියමිතව තිබේ. ඒ අනුව පෙ.ව 7.45 වන විට විභාග මධ්‍යස්ථාන වෙත පැමිණෙන ලෙස විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත මහතා විභාග අපේක්ෂකයින්ගෙන් ඉල්ලීමක් කරයි. විභාග මධ්‍යස්ථාන 4,513කදී ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාගය ලබන 10 වන දින දක්වා පැවැත්වීමට නියමිතය. මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා සිසුන් 622,352කු අයදුම්කර තිබේ. ඉන් 423,746 දෙනෙකු පාසල් අයදුම්කරුවන් වන අතර පෞද්ගලික අයදුම්කරුවන් 198,606 දෙනෙකු වන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

දිවයින පුරා පිහිටි සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 542කින් මෙවර විභාගය සම්බන්ධීකරණ කටයුතු සිදුකෙරෙන අතර කොවිඩ් -19 වසංගත තත්ත්වය යටතේ ආසාදිත වු දරුවන් සඳහා විශේෂ විභාග මධ්‍යස්ථාන 40කට ආසන්න ප්‍රමාණයක් ස්ථාපිත කර තිබේ. කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමේ දී විශේෂ ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කර ඇති බව සනත් පූජිත මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

ReeCha