දිස්ත්‍රික් මට්ටමින් ගෘහස්ථ ගෑස් සිලින්ඩර වල මිලේ වෙනසක් – ඔබේ ප්‍රදේශයේ ගෑස් මිල මෙතැනින් බලන්න

By Sewvandhi Jul 26, 2021 02:40 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක උපරිම සිල්ලර මිල නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඊයේ (25) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම උපරිම සිල්ලර මිල ක්‍රියාත්මක බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අදාළ ගැසට් නිවේදනය මගින් දැනුම් දී ඇත.

ඒ අනුව LPG (එල්.පී.ජී) අඩංගු ලීටර් 18 ක, එසේත් නැත්නම් කිලෝග්‍රෑම් 9.6ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක උපරිම සිල්ලර මිල රුපියල් 1,150ක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. කෙසේවෙතත් දිස්ත්‍රික් මට්ටමින් අදාළ මිල ගණන්වල වෙනස්වීමක් සිදුකළ හැකි අතර කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල උපරිම සිල්ලර මිල රුපියල් 1,150ක් වේ.

කළුතර දිස්ත්‍රික්කයේ ගෑස් සිල්න්ඩරයක් විකිණිය හැකි උපරිම සිල්ලර මිල රුපියල් 1,158ක් වන අතර ගාල්ල දිස්ත්‍රික්කයේ එය රුපියල් 1,181ක් ලෙස ගැසට් නිවේදනයෙන් ප්‍රකාශයට පත්කර ඇත.

ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් වැඩිම මිලකට අලෙවි කළ හැකි වන්නේ යාපනය දිස්ත්‍රික්කයෙන් වන අතර එහිදී අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 1,259කි. මීට අමතරව ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක බර කිලෝග්‍රෑම්වලින් සිලින්ඩරයේ පැහැදිලිව පෙනෙන ස්ථානයක සඳහන් කිරීම අනිවාර්ය කරමින් තවත් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් නිකුත් කර ඇති අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ ගෑස් සිල්න්ඩරවල බර කිලෝග්‍රෑම්වලින් සඳහන් කර නොමැතිනම් ඒවා නිෂ්පාදනය, ගබඩා කිරීම, බෙදා හැරීම, තොග හෝ සිල්ලර වශයෙන් විකිණීම සහ විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම තහනම් බවය. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGallery
ReeCha