ඔක්තෝබර් ගැසට් නිවේදනය හැර කොවිඩ් ගැන සියලු ගැසට් අවලංගුයි – අද සිට වලංගු රෙගුලාසි සියල්ල මෙන්න

HEALTH COVID19 ISOLATED TRAVEL RESTRICTION GAZETTE
By Sewvandhi May 12, 2021 11:01 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඔක්තෝබර් 15 ගැසට් නිවේදනය හැර කොවිඩ් රෝගය මැඩ පැවැත්වීම සඳහා නිකුත් කළ සියලුම ගැසට් නිවේදන සියල්ල අවලංගු බවත්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වලරයා නිකුත් කළ නව රෙගුලාසි 48 මින් ඉදිරියට ක්‍රියාත්මක බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

2020 ඔක්තෝබර් 15 දා ගැසට් නිවේදනයේ 98 වැනි වගන්තිය අනුව නව රෙගුලාසි නිකුත් කර ඇති බවයි ඔහු පැවසුවේ.

අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා නිවසින් පිටතට යෑමේදී මින් පෙර ක්‍රියාත්මක කළ හැඳුනුම්පත් අංක ක්‍රමය ක්‍රියාත්මක බවද ඔහු සඳහන් කළා.

මේ අනුව නිවසින් පිටතට යාමේදී ඔත්තේ දිනයක් නම් හැඳුනුම්පතේ අවසන් අංකය ඔත්තේ අංකයක් නම් ( 13දා නම් හැඳුනුම්පතේ අවසාන අංකය 1,3,5,7,9 යන අංක අයට නිවසින් පිටතට යා හැකියි) හැඳුනුම්පතේ අවසානයට ඔත්තේ අංකයක් ඇති අයටද ඉරට්ට දිනයක් නම් හැඳුනුම්පතේ අවසානයට ඉරට්ට අගයක් ඇති අයටද නවසින් පිටව යාමට අවස්ථාව පවතිනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වලරයා නිකුත් කළ නව රෙගුලාසි 48 වල අඩංගු කරුණු පහත පරිදි වනවා.

1.අද සිට 31 දා දක්වා සෑම දිනකම රාත්‍රී 11 සිට උදෑසන 4 දක්වා කාලයේදී දිවයිනේම වාහන ගමනා ගමනය සීමා වෙන අතර මෙම කාලයේදී පුද්ගල සංචරණ සීමා වෙනයි.

2.අත්‍යාවශ්‍ය සේවා සඳහා එය බාධාවක් නෑ. භාණ්ඩ මිලදී ගැනීම සඳහා නිවසින් බැහැරව යාම
හැඳුනුම්පතේ අංක අනුව

3.පොදු ප්‍රවාහන සේවා ආසන ගණනට පමණයි

4.කුලී රථයක දෙදෙනෙක් පමණයි

5.උපයෝගීතා සේවා අවම කාර්ය මණ්ඩලයක් යටත

6.රජයේ හා පෞද්ගලික ආයතන අවම කාර්ය මණ්ඩලයක් යටතේ

7.රැස්වීමක උපරිම සංඛ්‍යාව 10යි. (කොවිඩ් ප්‍රශ්න ගැන පමණයි)

8.අපනයනය අරමුණු කරගත් කර්මාන්ත ශාලා ජෛව බුබුලු අනුව පවත්වාගෙ යා හැකියි

9.සුපිරි වෙළඳ සැල්/පොළ/ සියයට 25 ධාරිතාවයකින්

10.කෘෂිකර්මාන්තය සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව පවත්වාගෙන යා හැකියි

11.ජංගම වෙළඳුන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුව කටයුතු කළ යුතුයි

12.ඉන්ධන හා ඉදිකිරීම් සේවා සෞඛ්‍යරාක්ෂිත ක්‍රමවේද අනුව කටයුතු කළ යුතුයි.

13.බන්ධනාගර වලට අමුත්තන් බෑ

14.රෝහල් මාර්ගෝපදේශ අනුව කටයුතු කළ යුතුයි.

15.දිවා සුරකුම්, පාසල්, පෙර පාසල්, විශ්වවිද්‍යාල උපකාරක පන්ති වසා තැබේ.

16.මංගල උත්සව තහනම් නමුත් විවාහයක් ලියාපදංචි කිරීමට 15කගෙන් යුත් කණ්ඩායමකින් සිදුකළ හැකියි.

17.අවමංගල උත්සව සඳහා උපරිමය 15යි පැය 24න් අවසන් කළ යුතුයි

18.උත්සව සාද එක්රැස්වීම් බෑ

19.පූජනීය ස්ථානවල සාමූහික ක්‍රියාකාරකම් බෑ

20.ව්‍යායාම ශාලා මැයි 31 දා තෙක් වසා දැමේ

21.සිනමා ශාලා/සැණකෙලි ක්‍රීඩා ස්ථාන වසා දැමේ

22.අවන්හල් සියයට 25ක ධාරිතාවයකින්

23.මධ්‍යසාර අලෙවි සැල් විවෘත කිරීම උදෑසන 10 සිට සවස 6 දක්වා පමණයි

24.කැසිනෝ ඔට්ටු සම්බාහන ස්ථාන වසා තැබෙයි

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now



GalleryGalleryGalleryGallery