රජයේ තීරණය අභිසය මහා ජනහාරයක් සිදු වේවිද?

Covid Shriyani wijesinghe Covid pationse
By Sithumi May 17, 2021 05:19 PM GMT
Sithumi

Sithumi

Report

රෝග ලක්ෂණ නොමැති පුද්ගලයින් නිවාස තුළ රඳවා ප්‍රතිකාර කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය ගෙන තිබෙන තීරණය හේතුවෙන් ඉදිරියේදී රට තුළ සාමූහික ජනසංහාරයක් සිදුවීම වැලැක්විය නොහැකි යැයි රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය පී. හේවාගමගේ සඳහන් කරයි.

දිවයින පුරා ආයුර්වේද රෝහල් 117ක් තුළ ඇඳන් 5000ක් තිබියදී කොවිඩ් ආසාදිත රෝගීන් නිවෙස් තුළ රැඳවීම මගින් තවත් බොහෝ පිරිසකට රෝගය ආසාදනය වීමේ බරපතළ අනතුරක් රට තුළ නිර්මාණය කිරීම සෞඛ්‍ය බලධාරීන්ගේ වෑයම වන්නේද යන්න සැක මතුකරන්නක් බව ඔහු පවසයි.   

ඇතැම් සෞඛ්‍ය බලධාරීන් එංගලන්ත මානසිකත්වයේ සිට ගනු ලබන ඇතැම් තීන්දු තීරණ හේතුවෙන් අහිංසක රටවැසියන් දහස් ගණනින් මේ රෝගයට ගොදුරුව මියයෑමේ බරපතළ අනතුරකට රට මුහුණ පා ඇතැයි වෛද්‍ය හේවාගමගේ අවධාරණය කරයි. අප රටේ වැඩි ජන කොටසකට ඇත්තේ එක් කාමරයක් හෝ දෙකකින් සමන් විත නිවාස බවත් ආසාදිත රෝගියෙකු එවැනි නිවාසයක් තුළ සිටියහොත් අනෙක් පුද්ගලයින්ටද රෝගය ආසාදනය වීම වැලැක්විය නොහැකි බවත් ඔහු පෙන්වා දෙයි.

ජනතාවගේ මුදලින් අධ්‍යාපනය ලැබූ සහ වැටුප් ලබන වෛද්‍ය කාර්ය මණ්ඩල සිටියදී ඔවුන්ගෙන් නියම ප්‍රයෝජන ගැනීම මේ මොහොතේදී අත්‍යවශ්‍ය කරුණක් වන බවත් එසේ ප්‍රයෝජන නොගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ ඇතැම් නිලධාරීන් කටයුතු කිරීමෙන් රටේ ව්‍යසනකාරී තත්ත්වයක් ඇතිකරමින් සිටින බවද වෛද්‍ය හේවාගමගේ සඳහන් කරයි.

මෙය නිවැරදි කිරීමට ජනාධිපතිවරයා , අගමැතිවරයා ප්‍රමුඛ සියලුම මැති ඇමැතිවරුන් අවධානය යොමු කළ යුතු බවත්, මෙම තීන්දු තීරණ නිවැරදි නොවන්නේ නම් අපේ රටේ දිනකට සිදුවන කොවිඩ් මරණ ඉදිරියේදී ඉන්දියාවේ සිදුවන මරණ ගණනට සමාන වීම වැලැක්විය නොහැකි බවත් ඔහු පැවැසීය.

ශ්‍රියානි විජේසිංහ – Aruna


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
https://chat.whatsapp.com/CEGdjnhHF0VDjavVnrqAru