ගෑස් මිල ශීග්‍රයෙන් ඉහල නගී..සමාගම් වල පාඩුව පියවිය නොහැකි තත්ත්වයක්.

price hike gas
By Thaya Feb 01, 2021 05:38 PM GMT
Thaya

Thaya

Report

ලෝක ගෑස් මිල ශීග්‍රයෙන් ඉහල ගොස් තිබේ. මේ හේතුවෙන් මෙරට ගෑස් සමාගම් දෙක වන ලාෆ් හා ලිට්‍රෝ සමාගම් දෙකම ගෑස් මිල වැඩි කරන්නට අවසර ඉල්ලා තිබේ.

මේ වන විට කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් මෙරට අලෙවි කරන්නේ රුපියල් 1493 කටය. මෙය අවම වශයෙන් රුපියල් 1900/= දක්වා වැඩි කල යුතු බවට ගෑස් සමාගම් ඉල්ලා ඇත.

අද වන විට ශ්‍රි ලංකවට LPG ආනයනය කරන්නේ Saudi Aramco price index අනුවයි.Saudi Aramco පෙබරවාරි මස පළමු වෙනිදා සිට ප්‍රොපේන් මෙට්‍රික් ටොන් එකක මිල ඇමරිකානු ඩොලර් 605 දක්වා ඉහල දමා ඇත. මේ මිල අනුව අවම වශයෙන් කිලෝ 12.5 සිලින්ඩරයක් ලාබයෙන් තොරව ලබාදීමට නම් රුපියල් 1900/= කටවත් ලබාදිය යුතු බව සමාගම් දෙකම ප්‍රකාශ කර තිබේ. පසුගිය මාස කීපයම රුපියල් බිලියන ගණනක පාඩුවක් දරා ගෙන අඩු මිලට ජනතාවට ගෑස් ලබා දුන් බව ගෑස් සමාගම් පවසති.