කසළ තේ ජාවාරම...
කසළ තේ අපනයනය කිරීමේ ජාවාරම සඳහා උන්ඩියල් ක්රතමයට මෙරටට මුදල් ගෙන්වාගෙන ඇති බව රේගුව සිදුකළ මූලික විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා.
කසළ මෙට්‍රික්ටොන් 450කට අධික ප්‍රමාණයක් ඉරාකයට අපනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම ජාවාරමේ ප්‍රධාන සැකකරු පසුගියදා රේගු අවදානම් කළමනාකරණ ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවටගත් සැකකරුගෙන් සිදුකළ වැඩිදුර විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ අදාළ ජාවාරම සඳහා කෝටි හයාමාරකට අධික මුදලක් උන්ඩියල් ක්‍රමය යටතේ මෙරටට ගෙන්වාගෙන ඇති බවය.
ඒ අනුව රේගු අවදානම් කළමනාකරණ ඒකකය මෙම නීති විරෝධී ක්‍රමය මගින් මුදල් මෙරටට ගෙන්වා ගැනීම පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භකර ඇති බව සහකාර රේගු අධිකාරී කැලුම් තුෂාර මහතා අධිකරණය හමුවේ පෙන්වා දී තිබේ.
එම නිසා මෙම කසළ තේ ජාවාරමේ ප්‍රධාන සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස රේගුව අධිකරණයෙන් ඉල්ලීමක් කළ අතර එම ඉල්ලීම සලකාබැලූ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම මහත්මිය නියෝගකර ඇත්තේ සැකකරු අප්‍රේල් මස 05 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසය.
මෙම සැකකරු විසින් ඉරාකයට "පියෝ සිලෝන් බ්ලැක් ටී" නමින් කසළ තේ බහලුම් 27ක් අපනයනයකර ඇති අතර ඉන් හතරක් පසුගියදා ඩුබාහි හි සිට මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරනු ලැබීය.
අදාළ බහලුම් මේ වනවිටත් කොළඹ වරාය වෙත රැගෙන ඒමට කටයුතුකර ඇති අතර එම බහලුම් කඩිනමින් පරීක්ෂා කිරීමට පියවර ගන්නා බව රේගු අවදානම් කළමනාකරණ ඒකකය අධිකරණයට දැනුම් දී ඇත