ඥාණසාර හිමි ඝාතන සැලසුමක්.. විදේශීය අන්තවාදී සන්නද්ද ත‍්‍රස්ත පිරිසක් මෙරටට..

Police Ganasara himi Moldus
By Aruna Apr 25, 2021 05:11 AM GMT
Aruna

Aruna

Report

 බොදු බල සේනා සංවිධානයේ නායක පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඝාතනය කිරීම සඳහා විදේශීය සංවිධානයක අන්තවාදී සන්නද්ධ පිරිසක් මෙරටට පැමිණ ඇතැයි බුද්ධි අංශය අනාවරණය කරගෙන ඇති බව වාර්තා වේ.

එම සන්නද්ධ පිරිස මාලදිවයිනේ සිට මෙරටට පැමිණ ඇති අතර ඔවුන් පුද්ගලයන් කිහිපදෙනකුගෙන් සමන්විත බව සඳහන් වේ.

මෙම තොරතුරු අනාවරණය කර ගැනීමත් සමඟ සිය ආරක්ෂාව පිළිබඳව පෙරට වඩා දැඩි අවධානය යොමු කරන මෙන් බුද්ධි අංශ ඥානසාර හිමියන් දැනුවත් කර ඇති අතර උන්වහන්සේ වැඩ සිටින විහාරස්ථානය වෙත පොලිස් ආරක්ෂාවද නැවත සලසා ඇත.

ඥානසාර හිමියන්ගේ ක‍්‍රියාකාරකම් එක්තරා ආගමික ව්‍යාප්තියකට බාධාවක් වී ඇති බැවින් උන්වහන්සේ මෙසේ ඝාතනය කිරීමේ සැලැස්ම ක‍්‍රියාත්මක බව බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න  ගගන whatsApp,වෙත පිවිසෙන්න. https://chat.whatsapp.com/FyKaWymvhCiD7E7LmDHGtb