ඉදිරි පැය කිහිපය තීරණාත්මකයි -කාලගුණයෙන් අනතුරු ඇඟවීම්
අද (25) දහවල් 12ට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය කිහිපය පිළිබඳ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව වන්නේ, නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය නැගෙනහිර වෙරළ දෙසින් දිවයිනට ඇතුළු වී ඇති බවයි.
එය හෙට (26) දින ශ්‍රී ලංකාවේ බටහිර මුහුදු ප්‍රදේශයට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර ඒ හේතුවෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව සදහන්.
ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවූ තද වැසි පතිත විය හැකි අතර දිවයින හරහා විටින් විට හමන පැ.කි.මී 40 - 50ක පමණ තද සුළං ඇතිවිය හැකියි.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් හා අකුණු මඟින් සිදුවන අනතුරු අවම කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |