දිස්ත්‍රික්කයක් ම දැඩි අවදානමක
ගම්පහ දිස්ත්‍රික්කයෙහි ඉදිරි දෙසතිය තුළ අනපේක්ෂිත අන්දමින් කොරෝනාආසාදිතයන්ගේ ගණන ශීඝ්‍රයෙන් ඉහළ යෑමේ අවදානමක් නිර්මාණය වෙමින් පවතින බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි.
මීගමුව රෝහලේ කායික රෝග අංශය වෙත ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඊයේ (මැයි 14) පැමිණි සෙම්ප්‍රතිශ්‍යා රෝගීන්ගේ කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලින් 80%ක් ම ‘පොසිටිව්’ වී ඇති අතර මෙය ඉතාමත් දරුණු අවදානම් සහගත තත්ත්වයක් බව එම සංගමයේ ලේකම් වෛද්‍ය ශෙනාල් ප්‍රනාන්දු අවධාරණය කරයි.
මෙම අවදානම් සහගත තත්ත්වය හමුවේ ගම්පහ දිස්ත්‍රික්කයේ රෝහල් පද්ධතිය කඩා වැටීමේ තත්ත්වයක් නිර්මාණය වන බැවින් එම අවදානම මගහරවා ගැනීමට වහා සැලසුම් සකස් කළ යුතුව ඇතැයි සඳහන් කරන වෛද්‍ය ශෙනාල් ප්‍රනාන්දු එම දිස්ත්‍රික්කයේ සිටින අවදානමක් නොමැති කොවිඩ් ආසාදිතයන් නිවෙස් තුළ ම රඳවා වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබාදීමට ක්‍රියා කළ යුතුව ඇතැයි සඳහන් කරයි.
ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු ම රෝහල්වල වෛද්‍යවරුන්ගෙන් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගෙන් දෛනිකව තොරතුරු වාර්තා ලබා ගැනීමට තම සංගමය ඊයේම පියවර ගත් බව ද හෙතෙම සඳහන් කරයි. උද්ගත වෙමින් පවතින මෙම අවදානම් සහගත තත්ත්වය පිළිබඳව ඊයේ (මැයි 14) සවස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුවත් කළ බවත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ද මේ සම්බන්ධයෙන් කඩිනමින් දැනුවත් කරන බව වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |