කොවිඩ් වෛරසය ආසාදනයවී මියගිය වෛද්‍ය ගයාන් දන්තනාරායන ගේ අවසන් කටයුතු නිරෝධායන නීති අනුව සිදු කළ හැටි

Covid-19
By Thaya Feb 03, 2021 01:47 PM GMT
Thaya

Thaya

Report

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටියදි මියගිය කොවිඩි ආසාදිත වෛද්‍යවරයාගේ අවසන් කටයුතු නිරෝධායන නිතිරිතිවලට අනුව ගාල්ල, දඩැල්ල ආදාහනාගාරයේ දි අද (02) පස්වරුවේ දි සිදුකෙරුණා.

කොවිඩ් -19 වෛරසය ආසාදනය විමෙන් මියගොස් ඇත්තේ රාගම රෝහලේ සේවය කළ ගයාන් දන්තනාරායන නම් 32හැවිරිදි වියේ පසුවු වෛද්‍යවරයෙකි

මියගිය වෛද්‍යවරයා වෙනුවෙන් මහා සංඝරත්නය වඩම්මවා ආගමික වතාවත් කොට පිං පැමිණිවිම කරාපිටිය රෝහලේ දි සිදුකෙරුණා. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ කරාපිටිය ශාඛාවේ වෛද්‍යවරුන් විසින් එය සංවිධානය කොට තිබු අතර මෙම අවස්ථාවට මියගිය වෛද්‍යවරයාගේ බිරිද, පවුලේ ඥාතින් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

පසුව වෛද්‍යවරයාගේ දේහය නිරෝධායන නිතිරිතිවලට අනුකුලව දඩැල්ල ආදාහනාගාරය වෙත රැගෙන ගොස් ආදාහනය කිරිමට කටයුතු කරණු ලැබු අතර රජයේ වෛද්‍ය නිලධාරින් සංගමයේ වෛද්‍යවරුන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටිය බවයි අප වාර්තාකරු පැවසුවේ


Gallery