පැය 24ක් තුළ සියලුම අවමංගල්‍ය කටයුතු සිදුකර අවසන් කළයුතුයි - රාජ්‍ය ඇමති.

Funeral
By Thaya Feb 16, 2021 07:02 PM GMT
Thaya

Thaya

Report

පැය 24ක් ඇතුළත සියලුම අවමංගල්‍ය කටයුතු සිදුරක අවසන් කිරීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් නව තීරණ ක්‍රියාත්මක කිරීමට පියවරගෙන ඇති බව ඖෂධ නිෂ්පාදනය සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. ප්‍රධාන මාධ්‍ය ආයතනයක දේශපාලන වැඩසටහනකට ඊයේ (15) රාත්‍රීයේ සහභාගීවෙමින් චන්න ජයසුමන මහතා මේ බව අනාවරණය කළේය.

"අපි තීරණයක් ගත්තා අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගීවෙන පිරිස් සඳහා යම් සීමාවක් සහ පැය 24ක් තුළ ඒ අවමංගල්‍ය කටයුතු සියල්ල නිමා කරන්න ඕනා කියන උපදෙස ලබාදීම සඳහා. ඒ වගේම තමයි මංගල උත්සව කටයුතු සඳහා සහ අනෙකුත් උත්සව ප්‍රියසම්භාෂණ කටයුතු සඳහා 150ක් දක්වා මේ වනතෙක් අවස්ථාවල ලබාදීලා තිබුණා. අපි ඒක 50ක් දක්වා නැවත අඩුකරලා තියෙනවා. නීතිමය වශයෙන් දැනුම්දීමක් කෙරේවි. විශේෂ අවධානයක් යොමුවෙලා තියෙනවා රාත්‍රී සමාජශාලා පිළිබඳව. ඒ වගේම විනෝදජනක කටයුතු සඳහා විවිධ ආකාරයේ එකතුවීම් පිළිබඳව. ඒ සඳහාත් හෙට සහ අනිද්දා දිනයේදී යම් සීමා පැනවේවි."