පලාගිය කොරෝනා රැඳවියෙකු සතියකට පසු අත්අඩංගුවට

Corona
By Thaya Jan 06, 2021 04:40 PM GMT
Thaya

Thaya

Report

පසුගිය 31 වන දා වැලිකන්ද - ගල්ලෑල්ල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පලාගිය කොරෝනා ආසාදිත රැඳවියන් පස්දෙනා අතර සිටි තවත් රැදවියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ ආරච්චිකට්ටුව - ආනවිලුන්දාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් මෙම රැදවියා 52 හැවිරිදි වියේ පසුවන බවයි.

එමෙන්ම මොහුට රැඳී සිටීමට ආධාර අනුබලදුන් පුද්ගලයෙකුද අත්අඩංගුවට ගත් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

මීට පෙර මෙලෙස පළාගිය රැඳවියෙකු මාදම්පේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් අතර, ඉතිරි තුන්දෙනා අත්අඩංගුවට ගැනීම සඳහා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.