වහාම ක්‍රියාත්මක වන පරිදි අද සිට IOC ඉන්ධන මිලත් අඩු කරයි..නව මිල ගණන් මෙතනින් දැනගන්න..

Fuel Price In Sri Lanka Ceylon Petroleum Corporation Sri Lanka Lanka IOC
By Aruna May 01, 2023 01:39 AM GMT
Aruna

Aruna

Report

අද සිට ක්‍රියාත්මක වන පරිදි CEYPETCO ඉන්ධන මිලට අනුව, ඉන්ධන මිල අඩු කළ බව ලංකා IOC විසින් දැනුම්දී තිබෙනවා.

ඒ අනුව ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි CEYPETCO ඉන්ධන මිල පහත හෙළනු ලැබුවා.

මෙම නව සංශෝධනය ඊයේ මධ්‍යම රාත්‍රී 12න් පසුව සිදුවන බවයි විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහතා සඳහන් කළේ.

මෙලෙස මිල ගණන් පහත බසිනුයේ,

ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක් රුපියල් 7 කින්

ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යූරෝ 4 ලීටරයක් රුපියල් 10කින්

ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 15කින්

ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යූරෝ 4 ලීටරයක් රුපියල් 135කින් වශයෙන්.

ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක නව මිල රුපියල් 333ක් ද,

ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යූරෝ 4 ලීටරයක නව මිල රුපියල් 365ක් ද

ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 310ක් ද

ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යූරෝ 4 ලීටරයක නව මිල රුපියල් 330ක්ද

ලෙස මිල ගණන් නව සංශෝධනයට යටත් වනු ඇති.

ලංකා භූමිතෙල් හා ලංකා කාර්මික භූමිතෙල් යන ඉන්ධන වර්ගයන්හි මිල ගණන් වෙනසක් නොවන අතර, එම මිල ගණන් ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 295ක් වශයෙන් හා ලංකා කාර්මික භූමිතෙල් ලීටරයක මිල රුපියල් 330ක් වශයෙන් ක්‍රියාත්මක වනු ඇති බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදනය කළා.

මීට අදාල වෙනස් වූ මිල ගණන් ලයිස්තුව පහතින්.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


Gallery