හෙට නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය හතරක් අවලංගුයි .

Trains
By Thaya Jan 25, 2021 02:39 PM GMT
Thaya

Thaya

Report

කොවියිඩ්-19 හමුවේ අඩාල වූ දුම්රිය ධාවනය හෙට 25 සිට නැවත සාමාන්‍ය දුම්රිය කාලසටහනට අනුව ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තුමේන්තුව පියවර ගෙන ඇතත් හෙට සිට පෙරවරු 08.50ට තලෙයිමන්නාරම බලා ධාවනය වන දුම්රිය දින නියමයක් නොමැතිව අවලංගු කොට ඇතැයි දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පවසයි.

මීට අමතරව නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියයන් තුනක් හෙට (25)දිනයේ පමණක් ධාවනය අවලංගු කෙට තිබේ.

ඒ අනුව අංක 076 දරණ දුම්රිය පෙරවරු 03/45 පොළොන්නරුව දුම්රිය ස්ථානයෙන් කොළඹ කොටුව බලා ධාවනය වන පුලතිසි - නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ,අංක 1026 - පෙරවරු 06/20 මාතලේ දුම්රිය ස්ථානයෙන් කොළඹ කොටුව බලා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රිය ,අංක 1002- පෙරවරු පෙරවරු 08/00 බදුල්ල දුම්රිය ස්ථානයෙන් කොළඹ කොටුව බලා ධාවනය වන දෙනුවර මැණිකේ - නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියද හෙට දිනයේ ධාවනය නොවන බවද කසුන් චාමර මහතා පවසයි.