ප්‍රධාන සමාජ මාධ්‍යක සම නිර්මාතෘ ඉවත් වෙයි..

Corona virus Covid 19
By Sithumi Nov 29, 2021 05:05 PM GMT
Sithumi

Sithumi

Report

ට්විටර් සම නිර්මාතෘ ජැක් ඩොර්සි එම සමාගමේ ප්‍රධාන විධායක තනතුරෙන් අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ඔහුගෙන් හිස් වන තනතුර සඳහා දැනට එම සමාගමේ ප්‍රධාන තාක්ෂණික නිලධාරියා ලෙස කටයුතු කරන පරාග් අග්‍රවාල් පත්වීමට නියමිතය. 

2006 වසරේදී නිර්මාණය කළ ට්විටර් සමාගමේ සහ ස්ක්වෙයාර් නම් ගෙවීම් සිදුකරන සමාගමේද ප්‍රධාන විධායකයා ලෙස කටයුතු කළේය. 

"අවසානයේදී මට යන්න වෙලාව හරි," නිවේදනයක් නිකුත්කරමින් ඔහු පැවසීය. 45 හැවිරිදි ජැක් ඩොර්සි, 2006 වසරේදී බිස් ස්ටෝන්, එවාන් විලියම්ස් සහ නොආ ග්ලාස් සමග එක්ව ට්විටර් සමාගම නිර්මාණය කළේය.